සංගාට තානාපතිකමක්.


ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයෙකු හා සුපිරි පිතිකරුවෙකු වන කුමාර් සංගක්කාර් සන්නාම තානාපතිවරයෙක් ලෙස පත් කර තිබේ.

මෙසේ කුමාර් සංගක්කාර සන්නාම තානාපතිවරයෙකු ලෙස නම් කර ඇත්තේ, ජූනි මස 01 වැනිදා සිට එංගලන්තයේදී පැවැත්වෙන ශූරයින්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා ය.

සංගක්කාර සමග තවත් ක්‍රිඩකයින් අට දෙනෙකු මෙම තරගාවලියේ සන්නාම තානාපතිවරුන් ලෙස පත් කර ඇත.

ඔස්ට්‍රේලියාවේ මයික් හසී, දකුණු අප්‍රිකාවේ ග්‍රැහැම් ස්මිත් , පකිස්තානයේ සයිඞ් අෆ්රිඩි, ඉන්දියාවේ හර්බජාන් සිං, එංගලන්තයේ ඉයන් බෙල් සහ බංග්ලාදේශයේ හබිබුල් බෂාර් මෙලෙස සන්නාම තානාපතිවරු ලෙස නම්කර තිබේ.

මෙම තරගාවලියට එක්වන්නේ අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම් සටහනේ මුල් අට අතර සිටින කණ්ඩායම්ය.

ඒ අනූව බංග්ලාදේශය මෙම තරගාවලියට සුදුසුකම් ලබා සිටින අතර බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට මෙවර ශූරයින්ගේ කුසලානයට සහභාගි වීමට අවස්ථාව හිමිව නොමැත.

තරගාවලියේ දී ඒ කාණ්ඩයෙන් ඔස්ට්‍රේලියාව, බංග්ලාදේශය, එංගලන්තය සහ නවසීලන්තය තරග වදිති.

බී කාණ්ඩයෙන් තරග වදින්නේ ශ්‍රී ලංකාව, ඉන්දියාව, පකිස්තානය සහ දකුණු අප්‍රිකාවයි.

Share on Google Plus