කොළඹ එජාප ප්‍රබලයෙක්, ඇමතිකම රැකගන්න වාහන පූජා කරලා.


සිය අමාත්‍ය ධුරය සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක තත්ත්වයකට මුහුණදී සිටින කොළඹ දිස්තික්කයේ එජාප ප්‍රබල ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයකු විසින් දිවයිනේ ප්‍රධාන පෙළේ ආගමික නායකයන් ගණනාවකට නවීනතම සුඛෝපභෝගී මෝටර් රථ පරිත්‍යාග කර ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

මෙසේ පරිත්‍යාග කර ඇති වාහන සංඛ්‍යාව පහක් බවද නිල නොවන ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

වොල්වෝ වර්ගයේ මෝටර් රථ පහක් මෙසේ ලබාදී ඇති අතර එම එක් වාහනයක වටිනාකර රැපියල් ලක්ෂ 350ක් බව පැවසේ.

මල්වතු නායක හිමියන්ට ලබාදුන් වාහනය උන්වහන්සේ විසින් ප්‍රතික්ෂේප කර ඇති බවද මේ අතර වාර්තා වේ.

රජයේ තවත් ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයකු සමඟ මහනුවර ඇතුළු ප්‍රදේශ ගණනාවකට ගොස් ආගමික නායකයන් බැහැදැක අදාළ අමාත්‍යවරයා මෙම තෑගි පිරිනමා ඇතැයි පැවසේ.

තම තනතුර රැකගැනීමට අමතරව ආයෝජන ව්‍යාපෘතියකට ආගමික නායක සහය ලබාගැනීම මේ කාර් තිලිනයේ තවත් අරමුණක් බවද මේ අතර වාර්තා වේ.

තමන් දැනට දරන අමාත්‍ය ධුරය ඉදිරි කැබිනට් සංශෝධනයේදී යම්හෙයකින් වෙනස් කළහොත් කිසිදු ඇමැති ධුරයක් භාරනොගෙන පසුපෙළ මන්ත්‍රීවරයකු ලෙස ක්‍රියාකරන බව ඔහු ස්වකීය පක්ෂ නායකයන්ට දැනටමත් දැනුම් දී ඇතැයි අදාළ පක්ෂ ආරංචි මාර්ග වලින් වාර්තා වේ.

Share on Google Plus