එට්‌කා අවසන් අනුමැතියට රනිල් ඉන්දියාවට.


ඉන්දීය ශ්‍රී ලංකා තාක්‍ෂණික ගිවිසුමේ (එට්‌කා) අවසන් කටයුතු සකස්‌ කිරීම සඳහා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියාවේ සංචාරයක නිරතවීමට නියමිතය.

අගමැතිවරයා ජපාන සහ වියට්‌නාම සංචාරයන් නිම කළ පසු ඉන්දියාව බලා පිටත්ව යන අතර එහිදී ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා ඇතුළු පිරිසක්‌ හමුවීමට බලාපොරොත්තු වේ.

මේ අතර මෙරට පැවැත්වෙන ජාත්‍යන්තර වෙසක්‌ උළෙල සඳහා ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා ශ්‍රී ලංකාවට පැමිණීමටද නියමිතය.

(SLM)

Powered by Blogger.