අගමැති මීතොටමුල්ලට - මීතොටමුල්ල ජනතාවට හෙට සිට නිවාස


අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මීට සුළු මොහොතකට පෙර මීතොටමුල්ල කුණු කන්ද පිහිටි භුමිය වෙත පැමිණ තිබේ.

එහිදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රදේශයේ ජනතාවට පොරොන්දු වුයේ මීතොටමුල්ල කසල කන්ද එම ස්ථානයෙන් ඉවත් කිරීමට පියවර ගන්නා බවයි.

මෙම ඛේදවාචකය හේතුවෙන් අග්‍රාමාත්‍යවරයා සිය වියට්නාම නිල සංචාරයද නියමිත දිනට පෙර නිමා කළේය.

මෙම අවස්ටවට තෙවන වරටත් අමාත්‍ය සාගල රත්නායක මහතා එක්ව සිටියේය.

මේ අතර මීතොටමුල්ල කසළ කන්දේ කොටසක් කඩා වැටීමෙන් විපතට පත් ජනතාව, නැවත පදිංචි කිරීමේ කටයුතු කඩිනම් කරමින් පූර්ණ හානි සිදුවූ නිවාස අහිමි පවුල් 98 කට නිවාස ලබාදීමේ වැඩපිළිවෙළ හෙට (20) දින ආරම්භ කිරීමට ජනාධිපතිතුමා උපදෙස් ලබාදුන්නේය.

විපතට පත් ජනතාවට සහන සැලසීම පිළිබද අද (19) පෙරවරුවේ ආපදා කළමණාකරණ අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවේදී ජනාධිපති ගරු මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා මේ බව සදහන් කළේය. 

Powered by Blogger.