මීතොටමුල්ල කුණු කන්ද කඩා වැටීමට හේතුව චම්පික ද?


මීතොටමුල්ලේ කුණු කන්ද කඩා වැටුනේ නාගරික සංවර්ධන අධිකාරියේ වරදින් බව ඉසුර දේවප‍්‍රිය බස්නාහිර මහ ඇමති කියයි.

පළාත් සභාවලට හා පළාත් පාලන ආයතනවලට කැලි කසල සම්බන්ධ වගකීම ඇතත් ඒ සදහා අනවශ්‍ය අතපෙවීමක් නාගරික සංවර්ධන අධිකාරිය විසින් සිදු කරන බවද මහ ඇමතිවරයා පවසයි.


මීට පෙර අවස්ථාවක මීතොටමුල්ල කුණු කන්ද ඉවත් කිරීමට බස්නාහිර පළාත් සභාව විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවක් නාගරික සංවර්ධන අධිකරිය විසින් ප‍්‍රතික්‍ෂෙප කල බවද ඔහු වැඩි දුරටත් පවසයි.


වත්මන් ආණ්ඩුවේ නාගරික සංවර්ධන අධිකාරිය අයත් අමාත්‍යංශය වන්නේ බස්නාහිර සංවර්ධන හා මහා නගර 
අමාත්‍යංශය වන අතර ඇමතිවරයා වන්නේ චම්පික රණවකයි.

කෙසේ නමුත් මීතොටමුල්ල කුණු කන්ද ඉවත් කිරීමට බස්නාහිර පළාත් සභාව විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව නාගරික සංවර්ධන අධිකාරිය මඟින් බැහැර කිරීමට හේතු වී ඇත්තේ කලක් තිස්සේ චම්පික රණවක සහ ඉසුර දේවප‍්‍රිය අතර පවතින අර්බුධයක් බවට Info Sri Lanka News වෙතා වාර්තා වේ.

ඒ, නිශාන්ත ශ්‍රී වර්ණසිංහ විසින් බස්නාහිර පළාත් සභාවට ගෙන ආ අයවැය යෝජනාවක් පරාජය කර ඔහුගේ පළාත් අමාත්‍යධුරය ඉවත් කිරීමට ඉසුර දේවප‍්‍රිය ක්‍රියා කල බවට චම්පික රණවක විසින් විශ්වාස කිරීමයි.

කෙසේ නමුත් මෙම ව්‍යාපෘතිය ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් බස්නාහිර සංවර්ධන හා මහා නගර අමාත්‍යංශය පවසා ඇත්තේ බස්නාහිර පළාත් සභාව විසින් මෙම ව්‍යාපෘතිය සඳහා යෝජනා කර ඇති සමාගමට ටෙන්ඩර් පටිපාටියකින් තොරව අවසර ලබා දිය නොහැකි බවයි.

අදාල බ්‍රිතාන්‍ය සමාගම මෙම ව්‍යාපෘතියේ පළමු අදියර ලෙස කුණු වර්ගීකරණය කර අමුද්‍රව්‍ය ලෙස අපනයනය කිරීමට යෝජනා කර තිබු අතර දෙවන අදියර ලෙස විදුලි ජනන බලාගාරයක් ඉදිකිරීමට යෝජනා කර තිබුණි.

මෙම ව්‍යාපෘතියට සඳහා ශ්‍රී ලංකා රජයට කිසිදු මුදලක් වැය වීමට නොතිබූ අතර අදාල සමාගම වර්ගීකරණය කර අමුද්‍රව්‍ය ලෙස අපනයනය කරන කුණු වෙතින් ලැබෙන ආදායමින් කොටසක් ද පෙරළා රජයට ගෙවීමට සූදානම් බව ද යෝජනා කර ඇත.

මීතොටමුල්ල කුණු කන්ද නාය යා හැකි බවට විශේෂඥ මත පලව තිබු මොහොතක, හදිසි අවශ්‍යතාවයක් ලෙස සලකා මෙම ව්‍යාපෘතිය සඳහා අවසර ලබා දුන්නේ කුණු අපට තවදුරටත් ගැටළුවක් නොවන්නට තිබුණි. එසේම වටිනා ජිවිත රැසක් ද රැකෙන්නට ඉඩතිබුණි.  

Powered by Blogger.