ජනපති දියණිය චතුරිකා උතුරුමැද මහ ඇමති සටනට?


සම්මුති ආණ්ඩුව ඉදිරියටත් බෙදීමකින් තොරව පවත්වාගෙන යෑම සඳහා ආණ්ඩුවේ පාර්ශවයන් දෙකම එක්ව පොදු ලකුණක් යටතේ තරග කළ යුතු බව ආණ්ඩුවේ ප්‍රධාන පක්ෂ දෙකේ නායකත්වය දැනුවත් කොට ඇත.

ජනාධිපතිවරයා නියෝජනය කරමින් උතුරු මැද පලාත් සභාවේ මහ ඇමති අපේක්ෂිකාව ලෙස ජනාධිපති දියණිය චතුරිකා සිරිසේන ඉදිරිපත් කිරීමටත් ඇයගේ ජනප්‍රියත්වය මත පොහොට්ටුවේ මහ ඇමති අපේක්ෂක අනුරාධපුර පාර්ලිමේන්තු මන්ත්‍රී එච් එම් චන්ද්‍රසේන මහතාට අභියෝගයක් ඉදිරිපත් කිරිමට හැකි බව සාකච්චා කෙරෙමින් ඇති බව දේශපාලන උපුටා දක්වමින් අන්තර්ජාල මාධ්‍ය වාර්තා කර ඇත.

එසේ එකඟතාවයකට පක්ෂ දෙක එලබ ඇති බැවින් ඉදිරියේදී පැවත්විමට නියමිතව ඇති පලාත් සභා වන උතුරුමැද, සබරගමුව සහ නැගෙනහිරට අමතරව මධ්‍යම පලාත් සභාව ද විසුරුවාලමින් මෙම සැප්තැම්බර් මස අගට ප්‍රථම පලාත් සභා මැතිවරණයක් පවත්වා ආණ්ඩුවේ ජනප්‍රියත්වය උරාගා බැලිමට නියමිතය.

පසුගිය දා උතුරුමැද පලාතතුල මත්ද්‍රව්‍ය නිවාරන වැඩපිළිවෙළ හදුන්වා දෙමින් ජනාධිපති දියණිය චතුරිකා සිරිසේන මහත්මිය මුලාසනය හොබවමින් සිටින අවස්ථාවක් වර්තමාන මහ ඇමතිවරයා වන පේෂල ජයරත්ත මහතා ද එම රැස්වීමට සහභාගි වූ අවස්ථාවක් පහත වීඩියෝවෙන් දැකගත හැක.



Powered by Blogger.