මැයි දිනයෙන් පසු ඒකාබද්ධයේ තුනකට ඇමතිකම්. - Info Sri Lanka News | Sinhala

මැයි දිනයෙන් පසු ඒකාබද්ධයේ තුනකට ඇමතිකම්.


ඒකාබද්ධ විපක්‍ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් තිදෙනෙකුට මැයි දිනයෙන් පසු නියෝජ්‍ය ඇමති ධුර ලබා දීමට නියමිත බවට සති අන්ත පුවත්පත් වාර්තා කර ඇත.

 ඒ සදහා පැවති සාකච්ඡා සාර්ථක වී ඇති බවත්, මේ අනුව කරනවා යයි කියන කැබිනට් සංශෝධනය මැයි දිනයෙන් පසු යොදා ගැනීමට ජනාධිපතිවරයා තීරණය කර ඇති බවත් එම වාර්තාවන්හි වැඩිදුරටත් දැක්වේ.

මේ අතර ඇමති චන්දිම වීරක්කොඩි සදහන් කරන්නේ මෙවර ගැටඹේදී පැවැත්වෙන ශ්‍රීලනිප මැයි දිනය සදහා ඒකාබද්ද විපක්‍ෂයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු එක්වීමට නියමිත බවයි.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී ඒකාබද්ධ විපක්‍ෂයේ ප්‍රකාශකයෙකු කියා සිටියේ මෙම කතාවම ගියවර මැයි දිනයට පෙරද කියූ බවත් මෙවරද එය කරන්නේ ඒකාබද්ද විපක්‍ෂයේ ගාළු මුවදොර මැයි රැළිය අසාර්ථක කරවීමට බවත්ය.

Share on Google Plus