මරික්කාර්ට මඩ ගැහිල්ල ඇතුළේ වැඩක් [Exclusive]


මේ දිනවල පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් මහතාට විරුද්ධව ගෙන යන සමාජ ජාල විරෝධය පිටුපස රජයේ ප්‍රධාන පුද්ගලයෙකු සහ එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් ප්‍රබලයන් කිහිපදෙනෙක් ඇතැයි වාර්තා වේ.

ඊට හේතු වී ඇත්තේ මීතොටමුල්ල කුණු කන්ද ඉවත් කිරීම සම්බන්ධයෙන් පසුගිය සමයේ ප්‍රබල හඬක් නැගූ එකම පුද්ගලයා මරික්කාර් වීම හේතුවෙන් ඔහුට ජනතා ප්‍රසාදයක් හිමිවීම වැලක්වීමයි. 

කෙසේ නමුත් මීතොටමුල්ල කුණු කන්ද ඉවත් කිරීම වෙනුවෙන් බ්‍රිතාන්‍ය සමාගමක් ඉදිරිපත් කර තිබු යෝජනාවක් බස්නාහිර මහ ඇමති සහ මෙගා පොලිස් අමාත්‍යවරයා අතර ගැටුමක් හේතුවෙන් වැලක්වුණු පසුගිය දා හෙළිදරව් විය.

දේශපාලන නායකයන් රටේ ජනතාව බිල්ලට තබා මෙසේ ක්‍රියාකිරීම අප පුරවැසි මාධ්‍යක් ලෙස හෙළාදකින අතර ඔවුන්ට අප අප්‍රසාදය ද පලකරනෙමු. 

Powered by Blogger.