රනිල් ඉවතට - මෛත්‍රී ආර්ථිකය අතට ගනී.


රටේ ආර්ථික කළමනාකරණය සම්බන්ධ තීන්දු තීරණ ගන්නා කැබිනට්‌ අනුකමිටුවේ නව ප්‍රධානියා ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි සහභාගි වීමට නියමිතව ඇත. මීළඟ ආර්ථික කමිටු රැස්‌වීම් වාරයේ සිටම ජනාධිපතිවරයා එහි මුලසුන හොබවන බව ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ග ඔස්‌සේ  වාර්තා වේ.

ආර්ථික කමිටුවේ ප්‍රධානියා ලෙස මෙතෙක්‌ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කළ අතර දැනට ක්‍රියාත්මක ආර්ථික රටාව නිසි මාවතකට ගෙන ඒමේ අරමුණින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා එම කමිටුවේ මුලසුන ගන්නා බව ඉහත ආරංචි සඳහන් කරයි.

ආර්ථික කමිටුවට සහභාගි වීම සඳහා අවස්‌ථා කිහිපයකදී ජනාධිපතිවරයා උත්සාහ කර ඇතත් ඒ සඳහා අවස්‌ථාවක්‌ මෙතෙක්‌ නොලැබුණ නිසා මීළඟ රැස්‌වීම් වාරයේ සිට ඊට සහභාගි වියයුතු බවට තීරණය ගෙන ඇතැයි එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේය.

(දිවයින ඉරිදා සංග්‍රහය)

Powered by Blogger.