ජිනීවා ප්‍රශ්නෙට ට්‍රම්ප් අත දමයි.


ජිනීවා මානව හිමිකම් කමිටුව හමුවේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සාකච්ඡා වන යෝජනාව පිළිබඳ අධ්‍යයනය කිරීම සඳහා ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාගේ විශේෂ නියෝජිතයෙකුද පැමිණ සිට ඇත. ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාගේ කාර්යාලයේ නියෝජිතයා ජිනීවා නුවරදී මෙරට විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර ද හමුවී සාකච්ඡා කොට තිබේ.

එම නියෝජිතයා තමන් සමග සාකච්ඡා කළ බවත් ශ්‍රී ලංකවේ මානව හිමිකම් කටයුතු හා ජනවාර්ගික සමගිය සම්බන්ධයෙන් ඔවුන් අවධානයෙන් සිටින බවත් ප්‍රකාශ කළේ යැයි විදේශ කටයුතු ඇමැති මංගල සමරවීර ප්‍රකාශ කළේය.

ඇමෙරිකා එක්සත් ජනපදයද ශ්‍රී ලංකාව ජිනීවා මානව හිමිකම් කමිටුවට ඉදිරිපත් කළ යෝජනාවට සහාය පළ කළ බව ප්‍රකාශ කළ ඇමැතිවරයා ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා පැමිණි පසු ඔහුගෙන් වාසි ගෙන බලය ලබාගැනීමට සිටින අයට එය දැන් සිහිනයක් වන බවද සඳහන් කළේය.

සන්ධ්‍යා එක්නැලිගොඩ කැඳවා මෙලීනා ට්‍රම්ප් ජනාධිපති ආර්යාව විසින් සම්මානයක් පිරිනැමීමෙන්ද එය සනාථ වන බවද ඇමැතිවරයා කීවේය.

Powered by Blogger.