මීතොටමුල්ලට ගිය ෆවුසිට විරෝධය – නැරඹීමට නොපැමිණෙන්නැයි පොලීසිය කියයි.


මීතොටමුල්ල කුණු කන්ද අද (14) පස්වරු 02.00ට පමණ නාය ගිය අතර ඊට මද වේලාවකට පසු එම ස්ථානයට පැමිණි ජාතික එකාබද්ධතා හා ප්‍රතිසංවිධාන රාජ්‍ය අමාත්‍ය ඒ.එච්.එම්. ෆවුසි මහතාට එම ජනතාවගෙන් දැඩි විරෝධයක් එල්ල වී තිබේ.

පදිංචිය සඳහා විකල්ප ස්ථාන දෙන ලෙසත් නැවත නිවාස තනාගැනීම සඳහා වන්දියක් ලබා දෙන ලෙසත් තමන් දිගින් දිගටම බලධාරීන්ගෙන් ඉල්ලා සිටියද ඊට ඔවුන් කන් නොදුන් බවත් ප්‍රදේශවාසීහු පවසති.

මෙම ස්ථානයට පැමිණ ඇති ත්‍රිවිද හමුදාවේ සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ සහනසේවා කණ්ඩායම් සුන්බුන් අතර සිටින ජනතාව මුදාගනිමින් සිටින බැවින් එම ප්‍රදේශය නැරඹීම සඳහා පැමිණීමෙන් වැලකී සිටින්නැයි පොලීසිය ජනතාවගෙන් ඉල්ලා සිටියි.

Share on Google Plus