එජාප තනතුරු වෙනස 71 සංවත්සරය තෙක් කල්යයි. - Info Sri Lanka News | Sinhala

එජාප තනතුරු වෙනස 71 සංවත්සරය තෙක් කල්යයි.


එක්සත් ජාතික පක්ෂයේ අලුතෙන් නියෝජ්‍ය නායක තනතුරු දෙකක් ඇති කිරීම ඇතුළු පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු 71 වැනි පක්ෂ සංවත්සරය දක්වා කල් තැබීමට එජාප නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර ඇතැයි සිරිකොත ආරංචි මාර්ග සඳහන් කරයි. පක්ෂය තරුණ පෙළට භාරදීමේ කටයුතු සඳහා පදනම දැමීමට 71 වැනි සාංවත්සරය උපයෝගී කරගැනීම අගමැතිවරයාගේ අපේක්ෂාව වී තිබේ.

නියෝජ්‍ය නායක තනතුරු ඇති කිරීම පිළිබඳව පක්ෂයේ විවිධ මත පළ වී ඇතැයිද අමාත්‍ය සරත් ෆොන්සේකා මහතා නියෝජ්‍ය නායක ධුරයකට පත්කිරීම පිළිබඳව පක්ෂයෙන්ම විරෝධතා මතුව ඇතැයිද එම ආරංචි මාර්ග සඳහන් කරයි.

ඇතැම් එජාප මැති ඇමැතිවරුන් ඇතුළු ආසන සංවිධායකයන් හා පාක්ෂිකයන් අතර සබඳතා දුර්වල වී ඇති බවට තමන්ට පැමිණිලි ලැබී ඇති බැවින් කොළඹට වී නොසිට මේ සිංහල අවුරුදු සමයේ අවුරුදු ප්‍රීතිය ඔවුන් සමඟ එක්ව බෙදා හදා ගන්නා ලෙස ඔවුන්ට දන්වා ඇති අග්‍රාමාත්‍යවරයා මින් ඉදිරියට අවම වශයෙන් සතියකට එක් දිනයක් හෝ පාක්ෂිකයන් හමු වී ඔවුන්ගේ ඕනෑඑපාකම් සොයා බලන ලෙසද උපදෙස් දී තිබේ.

Share on Google Plus