නාමල් ඇතුළු 5කට එරෙහිව නඩු පවරයි.


පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ මහතා ඇතුළු පස්‌ දෙනකුට එරෙහිව නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුකර නඩු පවරනු ලැබීය. 

නාමල් රාජපක්‍ෂ මහතාට අයත් ගවර්ස්‌ කෝපරේටඩ් සමාගම විසින් බොස්‌ටන් කැපිටල් සමාගමේ සභාපති රොහාන් අබේ ඊරියගොල්ල නමැත්තාට රුපියල් මිලියන 30 ක මුදලක්‌ ලබාදී ගවර්ස්‌ කෝපරේටඩ් සමාගම විසින් සැපයූ සේවා සඳහා එම මුදල සේවා ගාස්‌තු ලෙස ලබාදෙන බව පෙන්වා බැරකරවා ගෙන මුදල් විශුද්ධිකරණය වැළැක්‌වීමේ පනත යටතේ ගැනෙන වැරදි සිදුකළේ යෑයි නීතිපතිවරයා විසින් එමගින් විත්තිකරුවන්ට චෝදනා නඟා තිබුණි.

Powered by Blogger.