රුසියන් ගණිකාවකාවක් ලංකාවේදී පැය 2ට 75,000යි.


රුසියානු කතුන් ගණිකා සේවයේ යොදවන ලද ගණිකා ව්‍යාපාරයක තතු සොයා ගැනීමට ආගමන විගමන දෙපාර්තමේන්තුව සමත්ව ඇතැයි වාර්තා වේ.

ශ්‍රී ලංකාවේ ආගමන විගමන නීති උල්ලංඝනය කරමින් සංචාරක වීසා රැගෙන පැමිණ ඇති රුසියානු ජාවාරම්කරුවන් පිරිසක් විසින් මෙම ඡාවරම සිදුකරන බවද පැවසේ.

කොළඹ හා තදාසන්න ප්‍රදේශවලින් අධි සුඛෝපභෝගී නිවාස මිලදී ගනිමින් රුසියානු ජාතික කතුන් පැය 2ක කාලකට ඩොලර් 500ක මිලකට ගණිකා වෘත්තියේ යොදවා ඇති බව ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිරීක්ෂණ බුද්ධි සහ විමර්ශන අංශය තහවුරු කරගෙන තිබේ.

එම ඒකකය විසින් වැල්ලවත්තේ සුපිරි නිවාස සංකීර්ණයක ගෙනගිය ගණිකා මධ්‍යස්ථානයක් වටලා රුසියානු කාන්තාවන් 5ක් අත්අඩංගුවට ද ගෙන ඇත.

ආගම විගමන දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය කොමසාරිස් ලක්ෂාන් ද සොයිසා මහතා කියා සිටියේ එම කාන්තාවන් ගණිකා වෘත්තියේ යොදවා උපයන ලද මුදල් රුසියාවට ද යවා ඇති බවයි.

මෙහි මහ මොළකරු බව කියන රුසියන් ජාතිකයකු මේවන විට සැඟව සිටින අතර ඔහු සොයා පරීක්ෂණ සිදුකරන බවද පැවසේ.

Share on Google Plus