විමල් බිල්ලට : දිනේෂ් 'ඩබල් ගේමක' දැයි සැකයක්?


තම පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී  විමල් වීරවංශ මහතා වැලිකඩ බන්ධනාගාරයේ සිට ආරම්භ කර ඇති උපවාසයට හෝ  ඔහුව නිදහස් කරගැනීමේ සටනට ඒකාබද්ධ විපක්ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන මහතාගෙන් එතරම් සහයෝගයක් නොලැබීම ජාතික නිදහස් පෙරමුණු නායකයින්ගේ බලවත් කනස්සල්ලට හේතුවී ඇතැයි දේශපාලන ආරංචිමාර්ග පවසයි.

විමල් විරවංශ මන්ත්‍රීවරයාට එරෙහිව වෛරයකින් යුතුව කටයුතු කරන අගමැති රනිල් වික්‍රමසිංහ මහතා හා දිනේෂ් ගුණවර්ධන මහතා අතර පවතින සමීප මිත්‍රත්වය මේවනවිට ඔවුන්ගේ බරපතල සැකයට භාජනයවී ඇත.

විමල් විරවංශ මහතා ඇතුළු ජාතික නිදහස් පෙරමුණු මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේ වෙනම අසුන් ගැනීමට දැරූ උත්සාහයටද දිනේෂ් ගුණවර්ධන මහතාගෙන් එතරම් සහයක් ලැබී නොතිබීම එම සැකය වඩාත් තහවුරු කර තිබෙන බව පැවසේ.

විරවංශ මහතා පාර්ලිමේන්තුව තුල වෙනම පක්ෂ නායකයකු ලෙස කටයුතු කිරීමෙන් මෙතෙක් ඒකාබද්ධයේ නායකයා ලෙස තමන්ට හිමිව ඇති බලය හා ජනප්‍රියත්වය අහිමි යාමේ අවදානම නිසා දිනේෂ් ගුණවර්ධන මහතා එම ප්‍රශ්නය මග හැර ගියබවට එකාබද්ධයේම මන්ත්‍රීවරුන් චෝදනා කරති.

දිනේෂ් ගුණවර්ධන මහතා අගමැති රනිල් වෙනුවෙන් පාර්ලිමේන්තුව ප්‍රශ්න අසන බවටද ඔවුහු චෝදනා කරසිටියි. හයිබ්‍රිඩ් අධිකරණය ගැන දිනේෂ් ගුණවර්ධන මහතා පසුගිය සතියේ අගමැති ගෙන් කල ප්‍රශ්න කිරීමද එවැන්නක් බව ඔවුන්ගේ අදහසයි.


කෙසේවුවද,  බැසිල්, නාමල්, යෝෂිත වෙනුවෙන් කතා නොකල මහින්ද රාජපක්ෂ මහතා විමල් විරවංශ මහතා වෙනුවෙන් ජනාධිපතිටත් අගමැතිටත් කතා කරමින් තමා දිනේෂ්ගේ ස්ථාවරයේ නොවන බව හැඟවීමට උත්සහයක් දරා තිබේ.

විමල් විරවංශ මන්ත්‍රීවරයා නිරාහාරව උපවාසයක යෙදි සිටින බවත් ඔහුගේ තත්ත්වය රජයක් ලෙසත්, පාර්ලිමේන්තුව මන්ත්‍රීවරයෙකුට ඇති වි තිබෙන තත්ත්වය ගැනත් මීට වඩා සොයා බලන ලෙස මහින්ද රාජපක්ෂ මහතා ඔවුන්ගෙන් ඉල්ලා ඇත.

එමෙන්ම විමල් ගේ දියණිය තම පියාගේ බන්ධනාගාර ගතකිරීම හමුවේ ඉතා අසරණ තත්ත්වයකට පත්ව ඇති බැවිනුත් මේ හේතුව උඩ දියණියගේ මානසිකත්වය දරුණු ලෙස කඩාවැටීමෙන් ඇයගේ අධ්‍යපනය විනාශ විය හැකි බවත්, ඇප දිය හැකි කරුණක් සම්බන්ධයෙන් රජයේ නීතිපතිගේ විරෝධය හමුවේ මෙසේ රදවා තැබිම හමුදාවේ රටේ අධිකරණය සම්බන්ධව ජනතාවට වැරදි මතයක් නිර්මාණය වීමට මෙයද හේතුවක් වන බව එම දෙපලට හිටපු ජනාධිපතිවරයා දන්වා තිබේ.

(SLM)

Powered by Blogger.