Ads Top

Ray Ad

මරික්කාර් තනතුරුවලින් ඉවත් වෙයි?


මීතොටමුල්ල කසල කන්ද සම්බන්ධ ප්‍රශ්නය දැන් වඩාත් උග්‍ර වී ඇති බවත් පසුගිය මාර්තු 21 වැනිදා එය ගිනි ගැනීමෙන් එය පැහැදිලිවන බවත් මේ නිසා  කුණු කන්දේ සටන වෙනුවෙන් ආණ්ඩුවේ දරණ තනතුරු අතහරින්න හරි සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර් මහතා පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා,

"මේ කුණු සම්බන්ධ සම්බන්ධව අපි අනතුරු ඇගවීම කළා ආණ්ඩුවට වැස්ස ආවාම කඩා වැටෙනවා. ඒ වගේම නියං කාලේදී ගිනි ගන්නත් පුළුවන් කියලා. ඒ කිව්වා වගේම පසුගිය මාර්තු 21 රාත්‍රියේ කුණු කන්ද ගිනි ගත්තා. මීතොටමුල්ලට කුණු ගේන එක නතර කරන්න අවශ්‍ය සියළුම ක්‍රියාමාර්ග අතිගරු ජනාධිපතිතුමා සහ අගැමැතිතුමා මගින් අරගෙන තියෙන්නේ. නමුත් මේක මහ පුදුම ආණ්ඩුවක් ජනාධිපතිතුමාත්  අගමැතිතුමාත් නියෝග දීලා මාස 2 ක් වෙනවා ඒත් වැඩේ කෙරෙන්නේ නෑ. එතකොට අපි දැන් මොකක්ද කරන්නේ. එදා ඇතිවුනු ගින්න පැතිරී ගියා නම් නිවාස 1500 ක් විතර විනාශ වෙනවා. මේක ගංවතුරටත් වඩා ආපදාවක් වෙලා තියෙන්නේ. මේ සම්බන්ධව බලධාරීන් නිසි තීරණ ගන්නේ නැතිනම් ජනාධිපතිතුමා රුසියාවේ සිට ආවාට පස්සේ මේ සම්බන්ධව අපි ගන්න තීන්දුව ඉතා දැඩි වේවී. ඒකට පක්ෂ, පාට, ආගම්, ජාති භේද මුකුත් නෑ. සමහරවිට ආණ්ඩුවට එරෙහිව ගිහින් හරි අපිට මේ ගැන දෙකෙන් එකක් බේරගන්න වෙනවා. මොකද හේතුව හැමදාම අපිව මුලාවට පත් කරන්න, අන්දන්න, ඉඩදෙන්නේ නෑ. මමත් මේ ආණ්ඩුවේ තමයි ඉන්නේ. නමුත් මේ කුණු කන්ද සම්බන්ධව තීරණයක් ගන්නේ නැති නම් ආණ්ඩුවේ මන්ත්‍රීවරයෙක් ලෙස මගේ තානාන්තර වලින් මට වැඩක් නෑ. මෙම ප්‍රශ්නය තවදුරටත් රබර් කරන්න ඉඩ දෙන්නේ නෑ. තව දවස් 4 විතරයි බලන්නේ. ජනාධිපතිතුමා ලංකාවට පැමිණියාට පස්සේ මේ සම්බන්ධව සුහදව සාකච්ඡා කරන්න බලනවා . අපේ ඉල්ලීමට උත්තරයක් ලැබන්නේ නැති නම් එතැනින් එහාට අපිට බලාගන්න පුළුවන් වෙයි."

Powered by Blogger.