තමාරාගේ අපලයෙන් ශ්‍රී ලංකා හොකී අහවරයිද? - Info Sri Lanka News | Sinhala

තමාරාගේ අපලයෙන් ශ්‍රී ලංකා හොකී අහවරයිද?


2016 වසරේ මුල භාගයේ පැවති දකුණු ආසියානු ක්‍රීඩා උළෙල නියෝජනය කිරීම සඳහා තෝරා ගත් පිරිමි කණ්ඩායම එවකට සිටි තේරීම් කමිටුවේ ගෝල බාලයන් බවට චෝදනා එල්ල විය.

කෙසේ නමුත් එම කණ්ඩායම 2017 වසර දක්වා වසර 1 1/2කට ආසන්න කාලයක් ක්‍රීඩා අමාත්‍යංශ පුහුණු සංචිතය යටතේ පුහුණු වීම් ලැබිය. එම කණ්ඩායමට ක්‍රීඩා අමාත්‍යවරයාගේ මැදිහත්වීම මත මෙතෙක් කාලයකට හොකී ක්‍රීඩාව වෙත ලැබී නොතිබූ සැප පහසුකම් හිමිවුයේ ක්‍රීඩාවට ආදරය කරන සියල්ලන්ගේ ප්‍රසාදය මතය. 

නමුත් සිදුවුයේ ඇමතිවරයා හෝ අමාත්‍යංශය බලාපොරොත්තු වුවක් නොවේ. වසර 1 1/2 පුහුණුව අවසන් කල ද මෙම කණ්ඩායම ලෝක කුසලානය සුදුසු පරිසාධන මට්ටමකට පැමිණ තිබුනේ නැත. 

මේ සම්බන්ධයෙන් හොකී ප්‍රවීනයන් දිගින් දිගට ම අමාත්‍යවරයා දැනුවත් කල ද ජාතික හොකී පුහුණුකරුවන් දෙදෙනා සහ ක්‍රීඩා නිලධාරිනි තමාරා ලියනගේ අමාත්‍යවරයාගේ කනෙන්  රිංගා ගොස් තිබේ. 

අවසානයේ යලිත් කණ්ඩායම වෙත තෝරා ගත්තේ ප්‍රධාන පුහුණු කරුගේ ගෝලයෙකු සහ තමාරා ගේ අවශ්‍යතාව මත තෝරා ගත් කණ්ඩායමකි. 

මෙම කණ්ඩායම ප්‍රකට කල දක්ෂතාවය නම් බංගලාදේශය හමුවේ 9 - 0ට දැවැන්ත පරජකට මව්බිම ඇද දැමීමයි. 

තවදුරටත් මෙරට ප්‍රධාන ජාතික ක්‍රීඩාවක් මෙවන් පිරිසකගේ ආධිපත්‍යකට නතු කර විනාශ මුඛයට ඇද දැමීමට ඉඩ දිය යුතුද?

ජනාධිපතිතුමනි, අගමැතිතුමනි මේ ඔබේ අවධානය පිණිසයි.

Share on Google Plus