ශ්‍රීලනිපයට නව ආසන සංවිධායකයන් තුනක්. - Info Sri Lanka News | Sinhala

ශ්‍රීලනිපයට නව ආසන සංවිධායකයන් තුනක්.


ගාල්ල දිස්ති‍්‍රක්කයේ බලපිටිය, අක්මීමන සහ රත්ගම ආසන සදහා පත් කෙරුණු  ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ නව ආසන සංවිධායකවරු තිදෙනෙක් අද (21) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා අතින් සිය පත්වීම්  ලිපි ලබාගත්හ.

මේ අනුව බලපිටිය ආසනය සදහා දයාරත්න ද සිල්වා මහතා ද, අක්්මීමන ආසනය සදහා යූ.ජී.ඞී. ආරියතිලක මහතා ද, රත්ගම ආසනය සදහා අමරසිරි කුරුවගේ මහතා ද ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ නව ආසන සංවිධායකයින් වශයෙන් පත් කර තිබේ.

දයාරත්න ද සිල්වා මහතා බලපිටිය පළාත් සභාවේ සභාපතිවරයෙකු ලෙස ද කටයුතු කළ අතර යූ.ජී.ඞී. ආරියතිලක මහතා දකුණු පළාත් සභා අමාත්‍යවරයෙකු ලෙස ද කටයුතු කොට ඇත.

එමෙන්ම  අමරසිරි කුරුවගේ මහතා පළාත් සභා මන්ත‍්‍රීවරයෙක් ලෙස කටයුතු කර තිබේ.

Share on Google Plus