සමයංගේ සගයන් යහපත් ජීවිතයකට එළඹීමට සුදානම්.


කළුතර සිදු වූ වෙඩි තැබීමෙන් පාතාල කල්ලි නායකයෙකු බව කියන සමයං නමැත්තා ජීවිතක්ෂයට පත්වීමත් සමග දැනට බන්ධනාගාරගත කර සිටින ඔහුගේ සමීපතමයන් දැඩි ලෙස කණස්සල්ලට පත්ව තිබෙනවා.

බන්ධනාගාර ආරංචි මාර්ග සදහන් කළේ විවිධ පාතාල ක‍්‍රියාකාරකම්වලට සම්බන්ධ වීම හේතුවෙන් අත්අඩංගුවට ගැණුනු සමයංගේ හිතවතුන් විසි දෙනෙකු පමණ මේ වනවිට විවිධ බන්ධනාගාරවල රඳවා සිටින බවයි.

ඔවුන්ගෙන් දස දෙනෙකු පමණම රඳවා සිටින්නේ කළුතර බන්ධනාගාරයේයි.

තම සගයා ඝාතනය වීම නිසා මින් ඉදිරියට සියලූ පාතාල ක‍්‍රියාකාරකම්වලින් මිදී යහපත් ජීවිතයකට එළඹීමට ඔවුන් තීරණය කර ඇති බව බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කළා.

ඒ සම්බන්ධයෙන් ඔවුන් බන්ධනාගාර නිලධාරීන් සමග ද අදහස් හුවමාරු කරගෙන තිබෙනවා.

නීතියෙන් නිදහසක් හිමි වුවහොත් තම දරුවන් සහ බිරින්දෑවරුන් සමග දුර බැහැර ප‍්‍රදේශයකට ගොස් හුදෙකලා ජීවිතයක් ගත කිරීමට තීරණය කර ඇති බව ඔවුන් දැනුම් දී ඇති බවයි වාර්තා වන්නේ.


Share on Google Plus