යුරෝපා ආයෝජන බැංකුවත් මෙරට ආයෝජන සඳහා සුදානමින්.


ජී.එස්.පී ප්ලස් සහනය මෙරටට යළි ලබා දීම සඳහා අවශ්‍ය වටපිටාව මේ වන විට සැකසෙමින් පවතින බව යුරෝපා සංගමයේ ශ්‍රී ලංකාව හා මාලදිවයිනේ තානාපති ටන්-ලායි මාර්ග් මහතා ඊයේ(28) පස්වරුවේ මුදල් අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවේදී පැවසීය.

2014 වසරේ සිට 2020 දක්වා වන කාලය තුළ විවිධ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා මේ වන විටත් යුරෝපා ආයෝජන බැංකුව මගින් යූරෝ මිලියන 210ක මූල්‍ය හා තාක්ෂණික ආධාර ශ්‍රී ලංකාවට ලබා දී ඇති බවත් ඊට අමතරන නව ආයෝජන අවස්ථා ලබා දීමටද කටයුතු කරන බව මාර්ග් මහතා සඳහන් කළේය. මෙරට තිරසාර සංවර්ධන අරමුණු ඉටුකර ගැනීම සඳහා සිය පූර්ණ ලබා දෙන බවද හෙතෙම අවධාරණය කළේය.පරිසරය ආරක්ෂා කිරීමේ සහ දේශගුණ විපර්යාස අවම කිරීමේ ව්‍යාපෘති සඳහා වැඩි දායකත්වයක් ලබා දීමටයි යුරෝපා ආයෝජන බැංකුව කැමැත්ත පළ කර ඇත්තේ.

මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසුවේ යුරෝපා ආයෝජන බැංකුව මෙරට සංවර්ධන කටයුතු සඳහා සහය දැක්වීමට ගෙන ඇති තීරණය ශ්‍රී ලංකාව ලද ජයග්‍රහණයක් බවයි.යුරෝපයට පමණක් සිමා නොවූ මෙවැනි මූල්‍ය  ආයතන ශ්‍රී ලංකාව සමඟ අත්වැල් බැඳ ගැනීම අනාගතය පිලිබඳ සුභවාදී පෙරනිමිත්තක් බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

යුරෝපා ආයෝජන බැංකුවේ නව උප සභාපති ඇන්ඩෘ මැක්ඩොවෙල් මහතා ඇතුළු දූත පිරිස දින තුනක කාලයක් මෙරට රැඳී සිටිමින් නිරීක්ෂණ කටයුතු සිදුකර ඇති අතර අද පස්වරුවේ මුදල් අමාත්‍යවරයා සමඟ මාධ්‍ය හමුවක් පැවැත්වීය.

Powered by Blogger.