මහානාම සිසුහු යසෝදරාවට කඩා පනිති. (Video)


කොළඹ ප්‍රධාන පෙළේ පාසල් කිහිපයක ශිෂ්‍යයන් සහ ආදි සිසුන් පිරිසක් බොරැල්ල යසෝදරා බාලිකා විද්‍යාලයට ඊයේ (21) බලහත්කාරයෙන් ඇතුළු වී පාසලේ දේපළවලට හානි කරමින් විශාල කලබැගෑනියක් ඇති කර තිබේ.

මහානාම විද්‍යාලය සහ ඩී.එස්.සේනානායක විද්‍යාලය අතර මේ මස 24 සහ 25දෙදින පැවැත්වීමට නියමිත ක්‍රිකට් තරගයට සමගාමීව පැවැති රිය පෙරහරක් අතරතුර මේ උණුසුම් තත්වය සිදුව ඇත. බලහත්කාරයෙන් යසෝදරා විද්‍යාලයට කඩා වැදුණු ආදි සිසුවකු යසෝදරා විද්‍යාලයේ කාර්ය මණ්ඩලය විසින් රඳවා ගැනීම හේතුවෙන් රථ පෙලපාලියේ පැමිණි සිසුන් මෙන්ම ආදි සිසුන් ද රඳවා ගත් සිසුවා බේරාගැනීම සඳහා යසෝදරා විද්‍යාලයට ඇතුළුවීමෙන් මෙම උණුසුම් තත්ත්වය ඇතිවූ බව වාර්තාවේ.

මේ හේතුවෙන් යසෝදරා බාලිකා විද්‍යාලයේ සිසුවියන් බියට පත්ව ඇති අතර විද්‍යාලයේ දේපළවලට ද හානිකර ඇත. 



Powered by Blogger.