මනීෂාට පෙම් ගී ගයන්න ආරාධනා කළේ කවුද?



  • අලුත් වැඩක් කළා කියලා ආරංචියි?

ඔව් මම සිංදුවක් කළා. අවාරෙ අවාරෙ කියන සිංදුව කළේ පූර්ණ සචින්ත අයියත් එක්ක. ඒකේ lyrics කළේ ලසිත ජයනෙත්ති ආරච්චි අයියා. ඒ වගේම music කළේ දිල්ශාන් සිල්වා. දැන් සිංදුව රිලීස් කරලා තියෙන්නෙ.


  • කාලෙකට පස්සේ කරපු ආදර ගීතයට ලොකු පබ්ලිසිටියක් ලැබිලා නේද?

ඔව් මේක මගේ පළමු ආදර ගීතය නෙමෙයි. හැබැයි ලොකු Publicity එකක් දීලා release වුණ පළමු ගීතය මේක.


  • පෙම් ගීතයට ආරාධනා කළේ කවුද?

සිංදුව ලිව්ව ලසිත අයියා තමයි මට මේ ගීතය ගායනා කරන්න ආරාධනා කළේ.


  • ලැබෙන ප්‍රතිචාර කොහොමද?

හුඟක් හොඳ ප්‍රතිචාර තියෙනවා. මේ තරම් ප්‍රතිචාර ලැබෙයි කියලා මම හිතුවේවත් නැහැ.


  • වෙන අයත් එක්ක ගීත ගායනා කරන්නෙ තමන්ගෙම ගීතයක් කරන්න අදහසක් නැද්ද?

ඒකටත් අදහසක් තියෙනවා. ඒකත් ඉදිරියට කල්පනා කරලා බලන්න ඕන.


  • ගීත ගායනයට අමතරව දැන් මියුසික් වීඩියෝවලත් මනීෂා පේන්න අරගෙන?

මෙහෙමයි. මම ලොකුවට music video කරලා නැහැ. එකකට හිටියා. කොහොම වුණත් තෝරලා බේරලා තමයි මියුසික් වීඩියෝවලට සම්බන්ධ වෙන්නෙ.


  • දැන් මනීෂාට මියුසික් වීඩියෝවලට ආරාධනා ගලාගෙන එනවලු නේද?

ඔව්. වැඩිපුරම ආරාධනා ලැබෙන්නෙ මියුසික් වීඩියෝවලට තමයි. ඒකත් මම Select කරලා තමයි යන්නෙ.


  • මනීෂා රංගනයෙන් සම්බන්ධ වෙන "සිඳු" නාට්‍යය ජනප්‍රියම නාට්‍ය බවට පත්වෙලා. ඒ ගැන සතුටක් ඇති?

ඔව්. අනිවාර්යයෙන්ම ලොකු සතුටක් තියෙනවා. මම මුලින්ම වැඩ කළේ ජානක සර්ලත් එක්ක "වස්සාන සිහිනය" නාට්‍යයේ. ඒකටත් වඩා තැනක් තියෙනවා "සිඳු" නාට්‍යයට. ඒ ගෞරවය සම්පූර්ණයෙන්ම ලැබෙන්න ඕන දෙරණ ආයතනයට සහ ජානක සර් ඇතුළු සිඳු නාට්‍යයේ කණ්ඩායමටයි.


  • අලුත් නිර්මාණවලට දායක වෙන්න ආරාධනා ලැබුණද?

ආරාධනා නම් තියෙනවා. හැබැයි ටිකක් කල්පනා කරලා බලලා ඒවට සම්බන්ධ වෙන එක හොඳයි කියලා හිතුවා.


  • මනීෂා සිඳු නාට්‍යයේ පෙනී හිටිය ගමන්ම ලොකු facebook ප්‍රතිචාරයක් ලැබුණා. දැන් ඒක අඩුවෙලා නේද?

ජනප්‍රියත්වය කියන දේ හැමදාම පවතින දෙයක් නෙමෙයි. ඒ ගැන ඉතිං දුකක් නැහැ. කාලයකදී ඇතිවෙනවා කාලයකදී නැතිවෙනවා. ඒක තමයි හැටි.


  • මනීෂා සීමා දාගෙන නේද ක්ෂේත්‍රයේ වැඩ කරන්නෙ. ඒවා ඔබ විසින්ම දාගත්ත සීමාද වෙන කවුරුහරි දාපු සීමාද?

නෑ නෑ ඒවා මම විසින්ම හදාගත්ත සීමාවන්. වෙන කවුරුත් මට සීමා දාන්නේ නැහැ.


  • මනීෂාගේ රූපය කවුරුවත් සිනමාවට ගළපන්න උත්සාහ කළේ නැද්ද?

ආරාධනා ලැබුණා. ඒ දවස්වල මම අධ්‍යාපන කටයුතු කරමින් හිටියෙ. ඒ නිසා සම්බන්ධ වෙන්න බැරි වුණා. මම ෆිල්ම්ස්වල පසුබිම් ගායනයට නම් එකතු වෙලා තියෙනවා. ඉදිරියේදී රංගනයට අවස්ථාවක් ලැබුණොත් හොඳ නිර්මාණයක් නම් සම්බන්ධ වෙනවා.


ලක්ෂිකා දිව්‍යාංජලී වීරකෝන්
ඡායාරූප - පමෝද් නිල්රූ
(Mawbima)
Powered by Blogger.