දේශපාලනයට කැමැති නෑ: රට වෙනුවෙන් ඉදිරියට එන්න ලෑස්තියි.


දේශපාලනයට පිවිසීමට කැමැත්තක් නොමැති වුවත් රට වෙනුවෙන් සේවය කිරීම සඳහා ලැබෙන අවස්ථාව බැහැර නොකරන බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පැවැසීය.

තමන්ගේ ප්‍රතිපත්තිවලට අනුකූල නායකයෙක් පත්වන්නේ නම් ඔහුට ආධාර කිරීමට තමන් සූදානම් බවද ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කෙළේය.

එසේම ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා විදේශ වාර්තාකරුවන්ගේ සංගමයේ මාධ්‍යවේදීන් අමතා පෙරේදා (27දා) පැවැති මාධ්‍ය හමුවකදී පවසා තිබෙන්නේ ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නොමැති බවයි.

එසේ වුවත් දේශපාලනයට පිවිසීමේ අදහස බැහැර කර නොමැති බවද ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කළ බව විදෙස් මාධ්‍ය සඳහන් කර තිබිණි.

Powered by Blogger.