වාසු පරදා මන්ත්‍රී බුද්ධික පතිරණගෙන් ගිනස් වාර්තාවක්.


පාර්ලිමේන්තු ඉතිහාසයේ එකම දිනකදී වැඩිම පෙත්සම් සංඛ්‍යාවක්‌ මහජන පෙත්සම් කාරක සභාවට ඉදිරිපත් කළ මන්ත්‍රීවරයා බවට එක්‌සත් ජාතික පක්‌ෂ මාතර දිස්‌ත්‍රික්‌ මන්ත්‍රී බුද්ධික පතිරණ පාර්ලිමේන්තුවේදී පෙරේදා (22 දා) පත්විය.

මහජන පෙත්සම් 33 ක්‌ ඉදිරිපත් කරමින් බුද්ධික පතිරණ මන්ත්‍රීවරයා ප්‍රකාශ කර සිටියේ තමන් ගිනස්‌ වාර්තා පොතට එක්‌ වේවිද යන්නයි. එහිදී කථානායක කරු ජයසූරිය කීවේ එය වෙන්නත් පුළුවන් කියාය.

මීට පෙර පාර්ලිමේන්තුවට එක්‌ දිනකදී වැඩිම මහජන පෙත්සම් සංඛ්‍යාවක්‌ ඉදිරිපත් කර තිබුණේ වාසුදේව නානයක්‌කාර මහතාය.

ඒ මහජන පෙත්සම් 21 ක්‌ ඉදිරිපත් කරමිනි. ඉන්පසුව ගාමිණී ලොකුගේ මහතාද එක්‌ දිනකදී මහජන පෙත්සම් 18 ක්‌ ඉදිරිපත් කර ඇත.

පාර්ලිමේන්තු රැස්‌වීම් ආරම්භයේදී මන්ත්‍රීවරයා මෙම මහජන පෙත්සම් ඉදිරිපත් කළේය. මහජනතාවට සිදුවන අසාධාරණකම්, දුක්‌ගැනවිලි ඇතුළු ජනතාව මුහුණ දෙන ප්‍රශ්න මන්ත්‍රීවරයෙකු මාර්ගයෙන් පාර්ලිමේන්තු මහජන පෙත්සම් කාරක සභාව වෙත ඉදිරිපත් කළ හැකිය. එම ප්‍රශ්න මහජන පෙත්සම් කාරක සභාව විසින් විභාග කොට ජනතාවට විසඳුම් ලබා දෙයි.

Powered by Blogger.