Ads Top

Ray Ad

ලක්ෂ 39ක් අවභාවිතා කළැයි මහින්දානන්දට අධි චෝදනා.


පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසින් ශ්‍රී ලංකා  නිදහස් කම්කරු කොංග්‍රස් පක්ෂයට අයත් රුපියල් ලක්ෂ 39 ක්  සාවද්‍ය  හා සාපරාධි ලෙස පරිහරණය කිරීමේ චෝදනාවට අදාළව කොළඹ මහාධිකරණය අලුත්ගමගේ මහතාට එරෙහිව අධි චෝදනා ගොනුකර තිබේ.

අදාළ නඩුව අද (30) කොලඹ මහාධිකරණ විනිසුරු නිශ්ශංක බන්ධුල කරුණාරත්න මහතා ඉදිරියේ විභාගයට ගත් අවස්ථාවේදී මෙම චෝදනා ගොනු කිරීම සිදුවිය.

ඒ අනුව මැයි 22 වැනි දා මහින්දානන්ද අලුත්ගමගේ මහතාට අධිකරණයේ පෙනී සිටින ලෙස නොතීසී නිකුත් කර ඇත. 

Powered by Blogger.