රජයට අපවාදයක්: රාජිත ටෙලිකොම් මෑන් පවර් සමඟ හිට ගනී. - Info Sri Lanka News | Sinhala

රජයට අපවාදයක්: රාජිත ටෙලිකොම් මෑන් පවර් සමඟ හිට ගනී.


හිටපු ආරක්ෂක ලේකම්වරයා සම්බන්ධ මිග් ප්‍රහාරක යානා ගණුදෙනුව ඇතුලු මහාපරිමාන දුෂණ හා වංචා ගැන පරීක්ෂණ පැවැත්විය යුතු බවත් සුළු සිද්ධීන් පිළිබදව පරික්ෂණ පැවැත්වීමෙන් රජයට අපවාදයක් එල්ල වී තිබෙන බවත් කැබිනට් සම මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි. 

ඇතැම් නිලධාරීන් නිසි පරිදි රාජකාරී සිදු නොකරන බවත් ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට හැකියාවක් නොමැති බවත්  අමාත්‍යවරයා පෙන්වා දුන්නේ අමාත්‍යාංශයේ පැවැති රැස්වීමක දීය. 

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද ප්‍රකාශ කළේය. 

“මහා පරිමාන වංචා සහ දුෂණ පිළිබදව පරීක්ෂණ පැවැත්වීම ප්‍රමාදවීම පිළිබදව අපට ගැටළුවක් තිඛෙනවා. විශේෂයෙන්ම හිටපු ආරක්ෂක ලේකම්වරයා සම්බන්ධ මිග් ප්‍රහාරක යානා ගණුදෙනුව, ඩුබායි බැංකු ගිණුම් පිළිබදව, රගර් ක්‍රීඩක වසීම් තාජුඩින් ඝාතනය ඇතුලු මහාපරිමාන දුෂණ හා වංචා ගැන පරීක්ෂණ පැවැත්විය යුතුයි. සුළු සිද්ධීන් පිළිබදව පරික්ෂණ පැවැත්වීමෙන් රජයට අපවාදයක් එල්ල වී තිබෙනවා. එම නිසා යහපාලනය ආරක්ෂා කිරීමේ වගකීමක් අපට පැවැරී තිබෙනවා. මෙහිදී ඇතැම් නිලධාරීන් නිසි පරිදි රජකාරී සිදු කරන්නේ නැහැ. ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට අපට බැහැ. කෙසේ වෙතත් කඩිනමින් පරික්ෂණ සිදු කළ යුතු බව මාගේ අදහසයි.” 

“ටෙලිකොම් මෑන් පවර් සේවකයින් රැකියා ස්ථිර කරන ලෙස ඉල්ලා ආරම්භ කර ඇති වැඩවර්ජනයට මමත්, පාර්ලිමේන්තු මන්ත්‍රි චතුර සේනාරත්න මහතාත් සහයෝගය ලබාදෙනවා. නීතිමය සහායත් ලබා දෙනවා. මොකද යහපාලන රජය නිර්මාණය කිරීමට ඔවුන් දැඩි කැපවීමක් සිදු කළා.” යැයි ද ඇමැතිවරයා වැඩිදුරටත් පැවසී ය.

Share on Google Plus