ජනපති මන්දිරය බාර ලොක්කා ඉවතට.


ජනාධිපති මන්දිරය භාර අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස කටයුතු කළ කළුතර දිස්ත්‍රික් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක හසිත ගුණවර්ධන මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි එම තනතුරින් ඉවත් කර ඇතැයි ජනාධිපති ලේකම් කාර්යාල ආරංචි මාර්ග පවසයි.

හසිත ගුණවර්ධන මහතා එම තනතුරට පත් කරනු ලැබුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසිනි.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් හසිත ගුණවර්ධන මහතා සඳහන් කළේ තමා එම තනතුරින් ඉවත් කර ඇත්තේ කුමන හේතුවක් නිසාදැයි නොදන්නා බවයි.

අධ්‍යක්ෂ ජනරාල් ධූරය අහිමි වුවත් ඉදිරියටත් ක්‍රියාකාරී දේශපාලනයේ නිරත වන බවද ඔහු කියා සිටියේය.

Share on Google Plus