ශානුක වෙනුවට ධම්මික.


හිරු ප්‍රවෘත්ති අංශයේ දීර්ඝ කාලයක් සේවය කල ශානුක කරුණාරත්න ඉන් ඉවත්ව යාමත් සමගම ඔහු වෙනුවට ස්වර්ණවාහිනී රුපවාහිනී නාලිකාවේ සේවයේ නියතව සිටි ධම්මික යටිකිඳ හිරු ප්‍රවෘත්ති අංශයට එක්කරගෙන ඇතිබව සඳහන්. හිරු මාධ්‍ය ආයතනයේ හිමිකරු වන රේනෝ ද සිල්වා අගමැතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව සමග ඇතිකරගත් ගැටුමක ප්‍රතිපලයක් ලෙස ශානුක කරුණාරත්නහට ඉන් ඉවත්වයාමට සිදුවිණි. කෙසේ උවත් වත්මන් ආණ්ඩුව සමග රේනෝ ද සිල්වාගේ සම්බන්ධය දැඩිලෙස පලුදුවී ඇති බව වාර්තා වේ. මේ වනවිට යලිත් එම සම්බන්ධය ගොඩනගා ගැනීමට රේනෝ ද සිල්වාට අවශ්‍යවී ඇති බැවින් පසුගිය දින කිහිපය තුල එක්සත් ජාතික පක්ෂයට හිතවත් මාධවේදීන් සිය නාලිකාවට එක්කරගැනීමට ඔහු උත්සාහයක නිරත විය.  එහි ප්‍රතිපලයක් ලෙස ධම්මික යටිකිඳ හිරු ප්‍රවෘත්ති අංශයට මෙසේ එක්වී ඇත.

ධම්මික ස්වර්ණවාහිනී නාලිකාවේ ජනප්‍රිය වැඩසටහන් වන "රතු ඉර" ඇතුලු කාලීන වැඩසටහන් රැසක නිවේදකයෙකු ලෙස කටයුතු කර තිබෙනවා. ඔහු එක්සත් ජාතික පක්ෂයෙන් රත්නපුර දිස්ත්‍රික්කය සදහා ක්‍රියාකාරී දේශපාලනයට ප්‍රවිෂ්ටවීමට බලාපොරොත්තුවන බවයි ආරංචි මාර්ග සඳහන් කරනුයේ. ශානුක කරුණාරත්න මේ වනවිට අග්‍රාමාත්‍ය කාර්යමණ්ඩල ප්‍රධානී අමාත්‍ය සාගල රත්නායකගේ මාධ්‍ය ලේකම්වරයා ලෙස කටයුතු කරනවා.

Share on Google Plus