'2020දී රාජ්‍ය නායකත්වය හම්බන්තොටට ගේනවා' - සජිත්.


2020 වසරේදී එක්සත් ජාතික පක්‍ෂ නායකත්වය මෙන්ම රාජ්‍ය නායකත්වයකද හම්බන්තොට දිස්ත්‍රික්කයට ගෙන ඒමේ හැකියාව ඇතැයි ඇමති සජිත් ප්‍රේමදාස මහතා කියයි.

සුරියවැව ‘සඳරිවිගම’ උදාගම්මානය විවෘත කරමින් ඇමතිවරයා එබව කියා සිටියේය.

ඉන්දීය ජෝතිෂ්‍යවේදීයෙකු මෙන්ම වාස්තු විශේෂඥයකු වන එම්.එස්. රාමලිංගම් මහතා (M.S. Ramalingam - Astrologer & Vasthu Consultant ) පසුගිය දිනවල ලංකාවට පැමිණ සිටී අතර 2020 වසරේදී තරුණ දේශපාලනඥයකු මෙරට ජනාධිපති වන බවට ඔහු අනාවැකි පළකර තිබිණ.

මෙරට දේශපාලනඥයින් විශාල පිරිසක් එම ජෝතිෂ්‍යවේදීයා හමුවීමට ගොස් තිබු අතර සජිත් ප්‍රේමදාස මහතා ද ඔවුන් අතරින් කෙනෙකි.

Share on Google Plus