ජනපති ‘මගුල් මඩුවේදී’ ඓතිහාසික අත්සනක් තබන්න සූදානම්.


1818 ඌව වෙල්ලස්ස කැරැල්ලට එක් වී රාජ්‍ය උදහසට ලක්ව දේශද්‍රෝහීන් ලෙස නම් කර සිටින විරුවන් 900 කට ආසන්න පිරිසක් දේශපේ‍්‍රමීන් ලෙස නම් කිරීම ලබන මාර්තු මස පළමුවැනිදා සිදු කෙරෙනවා.

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් ඊට අදාළ ගැසට් නිවේදනයට, ශ‍්‍රී දළදා මාළිගාවේ ඓතිහාසික මගුල් මඩුවේ දී අත්සන් තබනු ඇති.

ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ජනමාධ්‍ය අමත්‍ය ගයන්ත කරුණාතිලක සඳහන් කළේ එම විරුවන්ගේ ඥාතීන්ගෙන් මේ සම්බන්ධ ඉල්ලීම් රැසක් ලැබී තිබෙන බවයි.

එම අවස්ථාවට අදාළ විරුවන්ගේ පවුල්වල ඥාතීන් ද සහභාගී වනු ඇති.

Share on Google Plus