තජුඩීන් ඝාතනය කළදා රාත්‍රියේ ශිරන්ති නිදිවර්ජිතව සිටියේ ඇයි? - Info Sri Lanka News | Sinhala

තජුඩීන් ඝාතනය කළදා රාත්‍රියේ ශිරන්ති නිදිවර්ජිතව සිටියේ ඇයි?


ඝාතනයට ලක්වූ රගර් ක්‍රීඩක වසීම් තජුඩීන් ඝාතනයට ලක්වූදා රාත්‍රියේ, හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂගේ හැසිරීම, මේ වනවිට ඝාතනය පිලිබඳ පරීක්ෂණ පවත්වන රහස් පොලිස් කණ්ඩායමේ ප්‍රබල සැකයට භාජනය වෙමින් පවතින බව වාර්තා වේ.

මෙම පරීක්ෂණ කණ්ඩායම විසින් අරලියගහ මන්දිරයේ දුරකතන අංක පිළිබඳව වාර්තා මාස කිහිපයක සිට විමර්ශනය සඳහා ඉල්ලා ඇති මුත්, හිටපු ජනාධිපතිගේ මෙන්ම වත්මන් ජනාධිපතිවරයාගේ ආරක්ෂාව භාරව සිටින ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වික්‍රමසිංහ මහතාගේ මැදිහත්වීම නිසා එම දුරකතන අංක පිළිබඳ විස්තර ලබාදීම හිතාමතාම ප්‍රමාද කොට තිබේ. 

වික්‍රමසිංහ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ මෙම  බාධාකිරීම් පිළිබඳව රහස් පොලීසිය විසින් අධිකරණය දැනුවත් කිරීමෙන් අනතුරුව එකී තොරතුරු වහා ලබාදෙන ලෙස මහේස්ත්‍රාත්වරයා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානියා වෙත නියෝග කර තිබේ. 

එකී තොරතුරු ලැබීමෙන් අනතුරුව දුරකතන අංක පරීක්ෂා කර බැලීමේදී විමර්ශන කණ්ඩායමට පෙනීගොස් ඇත්තේ ඝාතනය සිදුවූදා රාත්‍රියේ එක්තරා දුරකතනයකින් ඇමතුම් 41 ක් බැහැරට ගොස් ඇති බවයි. වැඩිදුරටත් විමර්ශනය කිරීමේදී අදාල දුරකතනය හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ පෞද්ගලික දුරකතනය බව තහවුරු වී ඇත. 

මෙම දුරකතන ඇමතුම්වලින් වැඩි ප්‍රමාණයක් එවක නාරාහේන්පිට පොලිස් ස්ථානාධිපතිවරයාගේ ජංගම දුරකතනයටත් එවක ගල්කිස්ස මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයාගේ ජංගම දුරකතනයටත් මධ්‍යම රාත්‍රිය ඉක්වමා යනතෙක් ලබාදී තිබීම රහස් පොලිසියේ විශේෂ අවධානයට ලක්ව තිබේ.

මේ පිළිබඳව පැහැදිලි කරගැනීම සඳහා නුදුරේදීම හිටපු ජනාධිපති ආර්යාව රහස් පොලීසිය වෙත කැඳවීමට නියමිත වේ.

-LNW 

Share on Google Plus