W.A. විජේවර්ධනගෙන් බැදුම්කර විවාදෙට වැරදි තොරතුරු.


ශ‍්‍රී ලංකා මහබැංකුවේ බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විවාදය අද ආරම්භ වුණා.

ඊට අදාළ කෝප් කමිටු වාර්තාව ඉකුත් ඔක්තෝම්බර් මාසයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණා.

මිට පෙර මහ බැංකුවේ සේවය කල W.A. විජේවර්ධන කලක් බැදුම්කර ගැටලුව සම්බන්දයෙන් ඉතා දැඩි විවේචන එල්ල කලා. 

අද විවාදයේදී සුසිල් ප්‍රේමජයන්ත මහතා කල ප්‍රකාශයක් හේතුවෙන් හෙළිදරව් වුයේ W.A. විජේවර්ධන විසින් ඒකාබද්ධ විපක්ෂයට වැරදි තොරතුරු ලබා දී ඇති බවයි.

කෙසේ නමුත් පසුගිය සමයේ මාධ්‍ය මඟින් වාර්තා කරේ W.A. විජේවර්ධන විසින් පවතින රජය පෙරලා දැමීමට මුල්‍ය මාෆියාව සමඟ එක්ව කටයුතු කරන බවයි.

මේ අතර මහ බැංකුවේ සිටින නිලධාරීන් කිහිප දෙනෙකු රටේ ආර්ථිකය කඩාකප්පල් කිරීමට උත්සාහ දරන බව මුදල් අමාත්‍ය රවී කරුණානායක පවසනවා . එම නිලධාරින්ගේ නම් ඉදිරියේදී හෙළිදරව් කරන බවද මුදල් අමාත්‍යවරයා සදහන් කළා.

ඒ පාර්ලිමේන්තුවෙදී ඊයේ (24) මහ බැංකු බැදුම්කර නිකුතුව සම්බන්ධයෙන් කෝප් කමිටුව සකස් කළ වාර්තාව පිළිබදව පැවති විවාදයට එක්වෙමිනි.

Share on Google Plus