ත්‍රි'මලේ වරාය ඉන්දියාවට?


ලෝකයේ හොඳම ස්වාභාවික වරායන්ගෙන් එකක් වූ හා ඉන්දියන් සාගරයේ ආරක්‍ෂක මර්මස්ථානයක් ලෙස සැලකෙන ත්‍රිකුණාමල වරායේ සංවර්ධන කටයුතු ඉන්දියාවට පවරා දීමට රජය සැරැසේ.

ඉන්දියාවේ නවදිල්ලි නුවර වාර්ෂිකව පැවැත්වෙන රායිසිනා කතිකාවතට (අචඪඵඪදච ච්ඪචතධඨභඥ) සහභාගි වෙමින් කලාපයීය සංවර්ධන අමාත්‍ය ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා කළ කතාවකින් මේ බැව් අනාවරණය වී තිබේ.

ශ්‍රී ලංකාව ඉන්දියාවට ත්‍රිකුණාමල වරාය ලබාදීමට සාකච්ඡා කරමින් පසුවන බව ඇමැති ෆීල්ඩ් මාෂල් ෆොන්සේකා හින්දු (ඊඩඥ ඩ්ඪදඤභ) පුවත්පත සමඟද පවසා ඇත.

චීනයේ සබ්මැරීන් සහ යුද නෞකා ශ්‍රී ලංකා මුහුදේ සැරිසැරීම සම්බන්ධයෙන් ඉන්දියාව අවධානය යොමුකොට ඇති බවත්, ඉන්දියාවේ ආරක්‍ෂාව සම්බන්ධයෙන් එය පිළිගත හැකි වුවත් ඉන්දියාව හා චීනය අතර බල අරගලයට ශ්‍රී ලංකාව අපක්‍ෂපාතී වන බවත් ත්‍රිකුණාමල වරාය ඉන්දියාවට ලබාදීමට ශ්‍රී ලංකාව සූදානම් වන බැවින් ඉන්දියාව කනස්සල්ලට පත්විය යුතු නැති බවත් සරත් ෆොන්සේකා ද හින්දු පුවත්පතට පවසා ඇත.

Powered by Blogger.