සයිටම් ගැන අධිකරණ තින්දුව ප්‍රකාශ කෙරේ. - Info Sri Lanka News | Sinhala

සයිටම් ගැන අධිකරණ තින්දුව ප්‍රකාශ කෙරේ.


මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයෙන් සම්බන්ධයෙන් අභියාචනාධිකරණය හමුවේ විභාග වූ නඩුවේ තීන්දුව අද (31) ප‍්‍රකාශයට පත් කෙරුණා.

ඒ අනුව මාලඹේ සයිටම් ආයතනයෙන් වෛද්‍ය උපාධිය ලබා ගන්නා උපාධිධාරීන්ට ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි වීමේ අයිතිය ඇති බව අභියාචනාධිකරණය තීරණය කර තිබේ.

ඒ, සයිටම් ආයතනය නීතිගත කිරීමේ අභිලාෂය ඇතිව එහි ඉගෙනුම ලබන සිසුන් දෙදෙනෙකු විසින් ගොනු කර තිබූ පෙත්සමක් සලකා බලමින්.

අභියාචනාධිකරණ විනිසුරුවන්වන විජිත් මළල්ගොඩ, එස් තුරෙයිරාජා මෙම තීන්දුව ලබා දුන්නා.

සයිටම් ආයතනයෙන් උපාධියක් ලබා ගත් තමන් වෛද්‍ය වෘත්තිකයන් ලෙස ලියාපදිංචි කිරීම වෛද්‍ය සභාව විසින් ප‍්‍රතික්ෂේප කරන බවද සිසුන් දෙදෙනා මෙම පෙත්සම ගොනු කර තිබුණා.

මෙහි වග උත්තරකරුවන් ලෙස නම් කර තිබුණේ ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාව, උසස් අධ්‍යාපන අමාත්‍යවරයා සහ එහි ලේකම්වරයායි.

මේ අතර මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය නීතිගත කිරීමට එරෙහිව අළුත්කඩේ උසාවි සංකීර්ණය ඉදිරිපිට වෛද්‍ය පීඨ ශිෂ්‍ය කි‍්‍රියාකාරී කමිටුව අද නිහඬ විරෝධතාවකද නිරත වුණා.

මේ අතර අභියාචනාධිකරණය ලබා දුන් මෙම තීන්දුව සම්බන්ධයෙන් ඉදිරියේදී තීරණයක් ගන්නා බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කළේ.

Share on Google Plus