රැකියා දස ලක්ෂය රනිල් අද අනුරාධපුරෙන් අරඹයි.


දිවයින පුරා පිහිටි එක්සත් ජාතික පක්ෂ බල මණ්ඩල, තරුණ හා කාන්තා සමිති, ලක්වනිතා සංවිධාන ඇතුළු සමිති සංවිධාන එළැඹි 2017 වර්ෂය වෙනුවෙන් දිස්ත්‍රික් මට්ටමින් ප්‍රතිසංවිධානය කිරීමේ හා රජයේ ආර්ථික සැලැස්ම හා බැඳුණු රැකියා දස ලක්ෂයේ වැඩපිළිවෙළ පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක් එජාප නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත එම පක්ෂය විසින් අරඹා ඇත.

මේ වැඩපිළිවෙළේ ප්‍රථම අදියර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (29දා) අනුරාධපුරයේදී ආරම්භ වන අතර ජනතාව දැනුවත් කිරීමේ රැලියක් ඊයේ සවස අනුරාධපුර නගරයේදී පැවැත්විණි.

දිස්ත්‍රික්කයේ එජාප සමිති සංවිධානවල ප්‍රශ්න හා ගැටලු පිළිබඳව අග්‍රාමාත්‍යවරයා සමඟ සාකච්ඡා කිරීමටද එම සමිති සංවිධානවල නියෝජිතයන්ට මෙහිදී අවස්ථාව ලබාදී ඇත. දිස්ත්‍රික්කයේ මහා සංඝරත්නය හා සෙසු ආගමික නායකයන් සමඟ අදහස් හුවමාරු කර ගැනීමටද වික්‍රමසිංහ මහතා අපේක්ෂා කරයි.

මේ වැඩසටහන්වලට දිස්ත්‍රික්කයේ සියලුම එජාප මැති ඇමැතිවරුන්, පළාත් සභා මන්ත්‍රින්, හිටපු පළාත් පාලන ආයතන නියෝජිතයන්, දිස්ත්‍රික් හා ආසන සංවිධායකයන් සහභාගි විය යුතු බව එජාප මහ ලේකම් අමාත්‍ය කබීර් හෂීම් මහතා දන්වා තිබේ.

Share on Google Plus