අරලියගහ මැදුරේදී රනිල් - දිලිත් හමුවෙයි





2017 නව වසර වෙනුවෙන් අග්‍රාමාත්‍ය කාර්යාලයේ වැඩකටයුතු ආරම්භ කිරීම ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් අද උදෑසන අරලියගහ මැදුරේ ප්‍රධාන රැස්වීම් ශාලාවේදී සිදු කළා. 


එම අවසථාවේදී සිදු වූ කැපී පෙනෙන සිදුවීමක් වුයේ 
දෙරණ නාලිකාවේ සභාපති දිලිත් ජයවීර මහතා හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සුහදව කතාබහක යෙදී සිටීමයි.

පසුගිය වකවානුවේ දෙරණ නාලිකාවේ මාධ්‍ය භාවිතය ඒකාබද්ධ විපක්ෂය දෙසට වැඩි නැබුරුවක් දක්වනු ලැබිණි.ජාතිවාදය පැතිරීම සම්බන්දයෙන්  අගමැතිවරයාගේ දෝෂ දර්ශනයට ද  දිලිත් ජයවීර ප්‍රමුඛ දෙරණ නාලිකාව ලක්විය.

 දිලිත් ජයවීර වෙළද දැන්වීම් ක්ෂේත්‍රයේ  ලංකාවේ සිටින ප්‍රකට ව්‍යාපාරිකයෙකි.








Share on Google Plus