කොස් කොළ, ක්‍රෝටන් කොළ පාර්ලිමේන්තුවේ ආහාර වේලට.
කොස් කොළ, ක්‍රෝටන් කොළ, ජපන් බටු කොළ හා කෝප්ප කොළ පාර්ලිමේන්තුවේ ආහාර වේලට ද එක් කිරීමේ සුදානමක් ඇතැයි වාර්තා වේ.
මේ අතර ඒ සම්බන්ධයෙන් ඊයේ (ජන.25) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ ප්රවෘත්ති සාකච්ඡාවේදී යොමු වූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් කැබිනට් ප්‍රකාශක රාජිත සේනාරත්න පැවසුවේ සිය අමාත්‍යංශයේ අයෙකු එවැනි ප්‍රකාශයක් කළේ නම් මුලින් ම අදාළ පුද්ගලයාට ක්‍රෝටන් කොළ කවන බවය.