රාජපක්ෂ යුගයක් යළි බිහිවන ලකුණු?



රාජපක්ෂ යුගයක පිබිදීමක් සිදුවන බව ඉතිහාසඥ සිංහරාජා තම්මිට දෙල්ගොඩ මහතා සුප්‍රකට අන්තර්ජාතික සඟරාවක් වන 'The Diplomat' වෙත අදහස් දක්වමින් කියා සිටියි.

වර්තමානයේ පවතින හවුල් ආණ්ඩුව මේවන විට වසර දෙකක කාළයක් රට පාලනය කර ඇති බවත් එම ක්‍රමය තුළින් ලංකාව ජාත්‍යන්තර ප්‍රසාදයට පත්වුවද බිම් මට්ටම ජනතාව තුළ එවැනි කිසිදු ප්‍රසාදයක් නොමැති බවත් හෙතෙම වාර්තා කරයි.

2014 ජනාධිපතිවරණයේදී රාජපක්ෂ නාමය අතීතයට එක් වුවත් රජය ගෙනයන ක්‍රියාකලාපය නිසා ඉදිරි කාලයේදී ජනතාව නව වෙනසක් බලාපොරොත්තු වන බවත් ඒ වෙනස උදෙසා සුදුසුම පුද්ගලයා ගෝඨාභය රාජපක්ෂ මහතා බවත් ඔහු සඳහන් කරයි.

ඔහු ඒ සඳහා හේතුව ලෙස දක්වන්නේ ගෝඨාභය රාජපක්ෂ යනු කරන දේ කියන කියන දේ කරන පුද්ගලයෙකු ලෙස සමාජගත වී සිටින නිසා බවත් ඔහු පිටුපස දේශපාලනික වශයෙන් විශාල බලවේගයක් දියත් වන නිසා බවත්ය.

Powered by Blogger.