කටුනායක ගුවන් තොට අද සිට වරුවක් වැසේ - Info Sri Lanka News | Sinhala

කටුනායක ගුවන් තොට අද සිට වරුවක් වැසේ





කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල අද සිට අප්‍රේල් මස 05වනදා දක්වා දිනපතා පැය 08 ක කාලයක් වසා තැඛෙනවා.

ඒ, පෙරවරු 8 යි 30 සිට පස්වරු 4 යි 30 දක්වායි. ගුවන් ධාවන පථයේ අලූත් වැඩියා කටයුතු සිදු කිරීම මෙහි අපේක්ෂාව වී තිඛෙනවා.

මේ අනුව කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ ගුවන් මෙහෙයුම් කටයුතු අද සිට අප්‍රේල් මස පස්වනදා දක්වා සිදු කෙරෙන්නේ පස්වරු 4 යි 30 සිට පසුදින පෙරවරු 8 යි 30 දක්වා පමණයි. මෙම කාලය තුළ සියලූ අභ්‍යන්තර ගුවන් මෙහෙයුම් රත්මලාන ගුවන් තොටුපලෙන් පමණක් සිදු කරනු ඇති.

නිශ්චිත කාල සටහනක් නොමැති හෙවත් ඇඩ්හොක් ගුවන් යානා මෙහෙයුම් සදහා ද මෙම කාලය තුළ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල භාවිත කෙරෙන්නේ නැහැ. අදාළ ගුවන් මෙහෙයුම් නිසි අවසරයකින් පසුව මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපල හරහා පමණක් සිදු කෙරෙන බවයි ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශය කියා සිටියේ.

ශ්‍රී ලංකා ගුවන් අවකාශය හරහා පියාසර කරන ගුවන් යානාවලට විකල්ප ගොඩබෑමේ ගුවන් තොටුපලක් ලෙස කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල නම් නොකරන ලෙසට සියලූ ගුවන් සේවා ද දැනුවත් කර තිඛෙනවා. ගුවන් යානා පුහුණු කටයුතු සඳහා ද මෙම කාලය තුළ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල භාවිත කළ නොහැකියි.

සෑම දිනකම උදෑසන ගුවන් තොටුපල වැසීමට පෙර සහ සවස නැවත මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීමට පෙර ගුවන් තොටුපලෙහි මගී තදබදයක් ඇතිවිය හැකි බවට විශ්වාස කෙරෙනවා. ඒ පිළිබඳ සැලකිලිමත්ව මගීන් කල්වේලා ඇතිව ගුවන් තොටුපලට පැමිණිය යුතු බවයි ප්‍රවාහන සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යංශය අවධාරණය කළේ. කෙසේ වෙතත් මගීන්ට සිදුවන අපහසුතා වැළැක්වීම සඳහා විවිධ පියවර ද ගෙන තිඛෙනවා.

පිටවීමේ පර්යන්තයේ අමුත්තන්ගේ ශාලාව මෙම කාලය තුළ වසා තැබීම එවැනි එක් පියවරක්. ප්‍රවේශපත්‍ර කවුළු වැඩි කිරීමට ද ගුවන් යානයක් පිටත්වීමට පැය 4කට පෙර සිට ඒවා විවෘතව තැබීමට ද පියවර ගෙන තිඛෙනවා. ආගමන හා විගමන කවුළු සහ රේගු පරීක්ෂණ කවුළු සියල්ල ද මෙම කාලය තුළ භාවිතයට ගැනෙනු ඇති. මගීන්ට තොරතුරු ලබාදීමට සහ සහය වීමට අතිරේක කාර්ය මණ්ඩලයක් යෙදවීමට ද පියවර ගෙන තිඛෙනවා. ආරක්ෂක පිරික්සීම් වේගවත් කිරීම සඳහා ද අතිරේක නිලධාරීන් යෙදවීමට නියමිතයි. නව යන්ත්‍රෝපකරණද ඒ සඳහා සවිකර තිඛෙනවා. මෙම කාලය තුළ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල අවට විශේෂ රථ වාහන ධාවන සැලැස්මක් ද ක්‍රියාවට නැංවීමට නියමිතයි. ඒ සඳහා නව මාර්ග සංඥා පුවරු ද සවි කෙරෙනවා.

ගුවන් ධාවන පථයේ අදාළ අලූත්වැඩියා කටයුතු සිදු කරන්නේ හවුල් ව්‍යාපාරයක් වන චයිනා නැෂනල් එරෝ ටෙක්නොලජි ඉන්ටර්නැෂනල් සහ ෂෙන්හයි නිව් ඊරා එයාර්පෝර්ට් ඩිසයිඩ් ඇන්ඩ් රිසර්ච් සමාගම විසින්. නෙදර්ලන්ඩ් එයාර්පෝර්ට් කන්සල්ටන්ස් උපදේශන සමාගම විසින් එහි අධීක්ෂණයන් සිදු කරනවා. ඇස්තමේන්තුගත වියදම රුපියල් බිලියන 7.2ක්.

Share on Google Plus