ආණ්ඩුව අපකීර්තියට පත්කිරීම කුමාරස්වාමි වැඩ?


වත්මන් මහබැංකු අධිපතිවරයා විසින් මෑතකදී මූල්‍ය අංශය කැඳවා සිදුකරන ලද ප්‍රකාශයකට අනුව එහිදී කියා තිබෙන්නේ ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් සහාය ලබාගන්නා නිසා ශ්‍රී ලංකාව යුද්ධයෙන් බැට කෑ ඇෆ්ගනිස්ථානයට පමණක් දෙවැනි වන බවයි. ශ්‍රී ලංකා ආර්ථිකය දැන් දැඩිසත්කාර ඒකකයේ සිටින රෝගියෙකු වැනි යැයි ද ඔහු කීවේය. මේ මහබැංකු අධිපතිවරයා රාජපක්ෂ පාලනයේ හිටපු උපදේශකයෙකු, හිටපු මහබැංකු අධිපති නිවාඞ් කබ්රාල්ගේ සමීපතම සගයෙකු මෙන්ම නින්දාසහගත රාජ් රාජරත්නම්ගේ ද සමීපතමයෙක් වේ.

දැඩි එක්සත් ජාතික පාක්ෂිකයෙකු වන මුදල් අමාත්‍යවරයා මෙයට කඩිනමින්ම උත්තර දුන්නේය. අමාත්‍යවරයා පැවසුවේ ආචාර්ය කුමාරස්වාමි, ආර්ථිකය විනාශ කළ පසුගිය රෙජීමයට සම්බන්ධ අයෙක් බවයි. රාජපක්ෂ විසින් රට ඇද දැමූ දැවැන්ත ණය බරෙන් රට සෙමෙන් සෙමෙන් ගොඩ එමින් තිබෙන බවද අමාත්‍යවරයා කීවේය.

රුපියල පාවෙන්නට ඉඩ ඇති බවට මහබැංකු අධිපතිවරයා විසින් සිදුකළ අදහස් දැක්වීම හේතුවෙන් රුපියල අනවශ්‍ය පීඩනයකට ලක් වී ඇති අතර, එහි ප්‍රතිඵලය වී තිබෙන්නේ රුපියලේ අගය විශාල වශයෙන් පහළ වැටීමයි. මෙම ප්‍රකාශ කරන්නට පෙර ආචාර්ය කුමාරස්වාමි සිය අමාත්‍යවරයාගෙන් අනුමැතිය ලබාගත්තේ ද යන ප්‍රශ්නය දැන් ඇසෙමින් පවතියි.

මහබැංකුව භාරව සිටින අමාත්‍යවරයා එම අවස්ථාවේදී එහි නොසිටීම යන කරුණ මගින් හැඟවෙන්නේ ආණ්ඩුවේ චින්තනය මීට වඩා බෙහෙවින් වෙනස් එකක් බවයි. මහබැංකු කාර්ය මණ්ඩලය පවසන්නේ එහි සිටින නිවාඞ් කබ්රාල් කණ්ඩායම මහබැංකු අධිපතිවරයා පිරිවරාගෙන සිටින බව සහ, විපක්ෂයේ න්‍යායපත්‍රයට සහාය දක්වන තමන්ගේ පදයට අනුව ඔහුව නටවමින් සිටින බවයි.

මෙයට අමතරව, පුද්ගලික අංශයේ බැංකු නිලධාරීන් ඔහු වටේ කැරකෙන බවත්, ණය සීමාවන් පහළ දැමීම සඳහා පිළියම් හඳුන්වා දීමකින් තොරව ඔහු ඔවුන්ගේ ද පදයට අනුව නටවන බවටත් ඔවුහු චෝදනා කරති.

ආණ්ඩුවේ සංවර්ධන න්‍යායපත්‍රයට හතුරුකම් කරන - විපක්ෂයේ න්‍යායපත්‍රය ශක්තිමත් කරන - වෙන වෙන සින්දු ගැයීමට නොහැකි වන සේ චාරයක් නැතිව කතාකිරීම ගැන ප්‍රසිද්ධ මහබැංකු අධිපතිවරයාට මුකවාඩම් දැමිය යුතුය.  


Powered by Blogger.