Ads Top

Ray Ad

ප්‍රසිද්ධ මාධ්‍ය ආයතනයක දෙහි කැපිල්ලක්.


පසුගිය සෙනසුරාදා (14) රාත්‍රියෙහි සියල්ලටම ඉහලින් සිටිනා මාධ්‍ය ආයතනයක ශාන්තිකර්මයක් පවත්වා ඇතිබවට අනාවරණය වේ. එයට හෙතුවී ඇත්තේ එම ආයතනයේ සුප්‍රසිද්ධ චරිත කිහිපයක් ඇතුලු පුද්ගලින් රැසක් එම මාධ්‍ය ජලය හැරයාම බවද අනාවරණය වේ. 

මෙම ශාන්ති කර්මය සදහා කාන්තාවක් සහභාගී වී ඇති අතර, ඇය එම ආයතනයේ සභාපතිවරයාගේ කාර්යාලයේ සහ මැදිරි සංකීර්ණය ඇතුලු ස්ථාන රැසක දෙහි කපමින් ශාන්තිකර්මය සිදුකර ඇත. පාලනාධිකාරිය මෙසේ නොපෙනෙන විශ්වාස කෙරෙහි යොමුවීමට හේතුවී ඇත්තේ දිනෙන් දින එම ආයතනයෙන් සේවකයන් ඉවත්ව යාමත් සෙසු මාධ්‍ය ආයතන කෙමෙන් කෙමෙන් වර්ධනය වීමත් නිසා පාලනාධිකාරිය තුල එම ආයතනය කඩාවැටේ යැයි ඇතිවී තිබෙන අනියත බිය නිසා බවද දැනගන්නට ලැබේ.

මෙම ආයතනය මීට පෙර අවස්ථා රැසකදීද  සිය සේවකයන්ට විවිධ අන්දමේ බලපෑම් සිදුකර තිබුණි.

Powered by Blogger.