හිරුගෙන් තවත් දෙදෙනෙක් ඉවතට.


පසුගිය දවස්වල මාතෘකාව වුණේ DJ අරානේ. ඊට පස්සේ ඔහුත් එක්ක උදෑසන වැඩසටහන කරපු ‘පැස්බරා’  එහෙමත් නැත්නම් දිස්නා මුණසිංහ ගැනත් බොහෝ දෙනා හොයන්න ගත්තා. 

ඒ ඇය මොන ගුවන් විදුලි නාළිකාවට යයිද කියලයි. කොහොම හරි දැන් ඇයත් සියතට ඇවිත් කියලා තමයි ආරංචි වෙන්නේ. ලබන මාසේ ඉඳන් ඇයත් Dj අරාත් එකට උදෑසන වැඩසටහන කරනවා. තවත් දෙයක් තමයි උදෑසන ඒ වැඩසටහනේ පැය තුන සඳහා පැස්බරාටත් ඉහළම මිලක් ගෙවනවා කියලා තමයි ආරංචි නම් වුණේ.

මේ අතර ආසියානූ මාධ්‍ය ජාලයට අයත් සියලු වෙබ් අඩවි පරිපාලන ප්‍රධානියා ලෙස කටයුතු කළ චමිල ප්‍රසාද් කරුණාරත්න මහතා ද එයින් ඉවත්ව ගොස් ඇත.

ABC මාධ්‍ය ජාලයට අයත් ලෝටස් ටෙක්නොලොජීස් සමාගමේ විධායක නිලධාරියෙකු වශයෙන් ඔහු කටයුතු කොට ඇත.

පසුගිය සමයේ ලෝටස් ටෙක්නොලොජීස් සමාගම වෙබ් අඩවි සම්බන්ධ ජාත්‍යන්තර සම්මාන රැසකින් ද පිදුම් ලැබීය.

චමිල ප්‍රසාද් කරුණාරත්න මහතා මීට පෙර හිරු වෙතින් ඉවත්වූ දිස්නා මුණසිංහ(පැස්බරා) මහත්මියගේ සැමියා ද වේ.


වාර්තාවන අන්දමට හිරු FM නිෂ්පාදන කාර්ය මණ්ඩලයේ ඇතැම් අය ද මේ වන විට හිරුගෙන් ඉවත්ව ඇත.


Share on Google Plus