විජිතට නරක කාලය උදාවෙයි : CID ය අත්අඩංගුවට ගනියි. - Info Sri Lanka News | Sinhala

විජිතට නරක කාලය උදාවෙයි : CID ය අත්අඩංගුවට ගනියි.


පසුගිය කාලයේදී ආන්දෝලනාත්මක අනාවැකි කිහිපයක් ඉදිරිපත් කරමින් ඒවා සාර්ථක වූවා යැයි පවසමින් අන්තර්ජාලය හරහා ප්‍රසිද්ධියට පත් විජිත රෝහණ රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ජනවාරි 26 වැනිදාට පෙර ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ජිවිතයට ප්‍රභල තර්ජනයක් ඇති බවත් එයින් බේරීමට ඔහුට නොහැකි බවත් මීට වසරකට පමණ ඉහතදී ඔහු විසින් දිගින් දිගට අවධාරණය කරමින් අන්තර් ජාලය හරහා මාධ්‍ය ප්‍රචාරයක් දියත්කර තිබිණි.

මෛත්‍රිපාල සිරිසේන මහතා ජනාධිපතිවරණයෙන් ජය ගන්නා බවත්, ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රුම්ප් ජයගන්න බවත්, ඉන්දියානු අගමැති ලෙස මොදී පත්වන බවත් විජිත රෝහණ ඉදිරිපත් කල සාර්ථක වූ අනාවැකි ලෙස අන්තර්ජාලයේ සදහන්ව ඇත.

කෙසේවුවද ඉන්දික තොටවත්ත නැමැත්තා විජිත රෝහණට ජනවාරි 26 සෙනසුරු මාරුවෙන් ඉතා නරකම කාලයක් මෙන්ම ඒරාෂ්ඨක තත්වයක් උදාවන බව පවසමින් වීඩියෝවක් අන්තර්ජාලයට යොදා තිබිණි.

Share on Google Plus