CIDය ලසන්ත ඝාතනය ගැන ෆීල්ඩ් මාෂල්ගෙන් ප්‍රශ්න කරයි.


සන්ඩේ ලීඩර් 'පුවත් පතේ ආරම්භක කර්තෘවරයා වන ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) හිටපු යුද හමුදාපති, ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය, ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතාගෙන් ප්‍රශ්න කර තිබේ.

අමාත්‍යවරයා ඊයේ (20) පස්වරු 7.30 පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදී ඇත.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ෆොන්සේකා මහතා සිදුකළ ප්‍රකාශය අනුව ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතන සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා වගකිවයුතු බව අඟවා ඇතැයි වාර්තා වේ.

Share on Google Plus