අර්ජුන් තවමත් මුදල් අමාත්‍යංශයේ? - Info Sri Lanka News | Sinhala

අර්ජුන් තවමත් මුදල් අමාත්‍යංශයේ?


මහ බැංකු හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා මේවන විට මුදල් අමාත්‍යංශයේ මහ බැංකු උපදේශක ලෙස කටයුතු කරමින් සිටින බව දූෂණ විරෝධි පෙරමුණ පවසයි.

එම පෙරමුණ විසින් ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමුකරමින් මේ බව සදහන් කර තිබේ.

මුදල් අමාත්‍යවරයා විසින් සතියේ අගහරුවාදා සහ බ්‍රහස්පතින්දා දිනවල මහ බැංකුවේ වත්මන් අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි,  ආර්. පාස්කරලිංගම් සහ අමාත්‍යාංශ ලේකම් ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග  සමග සවස 5 ට පවත්වනු ලබන රැස්වීමට මුදල් අමාත්‍යාංශය නියෝජනය කරමින් අර්ජුන් මහෙන්ද්‍රන් සහභාගි වී ඇති බව එම ලිපියේ දැක්වේ.

අවසන් වශයෙන් මෙම රැස්වීම පැවැත්වුයේ 2017 ජනවාරි 6 දින පෙ.ව. 11 ට මුදල් අමාත්‍යාංශයේ දී බවත් එහිදීද දී සිරිතක් ලෙස අර්ජුන් මහේන්ද්‍රන් වත්මන් බැංකු අධිපති කුමාරස්වාමි මහතා වෙත ශ්‍රී ලංකා මුල්‍ය මණ්ඩලය විසින් ගත යුතු තීන්දු සහ තීරණ සම්බන්ධයෙන් උපදෙස් ලබාදීම සිදු කර ඇති බව එහි තවදුරටත් දැක්වේ.

තවද, තවමත් මුල්‍ය මණ්ඩලයට උපදෙස් දෙන්නේ ප්‍රශ්ණ්ගත හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා නම්, ජනාධිපතිවරයා විසින් පත් කරනු ලබන ජනාධිපති කොමිෂන් සභාව තවත් එක් කාලය කා දැමීමේ උපක්‍රමයක් ලෙස ජනතාවට තේරුම් ගනු ඇති බව දූෂණ විරෝධී පෙරමුණ එම ලිපිය මගින් වැඩිදුරටත් අවධාරණය කර තිබේ.

Share on Google Plus