‘බලය ගත්තාට දේශපාලනය කරන්න දන්නේ නෑ..’ - ශිරාල්.


රජය විසින් හම්බන්තොට වරාය චීනයට විකුණා දැමීම සම්බන්ධයෙන් ජනාධිපති උපදේශකයෙක් වන ශිරාල් ලක්තිලක මහතා දැඩි ලෙස විවේචනාත්මක අදහස් රැසක් පල කරයි.

සිය නිල ෆේස්බුක් ගිණුම ඔස්සේ ඔහු තබා ඇති සටහන මෙසේය.

"2005 ජනාධිපතිවරනයේ පරාජයෙන් පස්සේ පක්ෂය ගොඩනගන්න මහන්සි වුනේ මෙහෙමයි. දිස්ත්‍රික්ක මට්ටමින් තෝරාගත් මාධ්‍ය ලේකම් වරැන් ගේ පුහුනුවක් සිදුකරමින්...මේ පින්තුරයේ ඉන්න ලක්ෂ්මන් සෙනවිරත්න,මම,ආරිය රැබසිංහ දැන් පක්ෂයේ සාමාජිකයන් නෙමෙයි.අනික් අය ඇමතිවරැ. අපි බෝල් කරා Unp ය වෙනුවෙන් දිගටම විකට් ගන්න දිගටම 2015 වෙනකම්. ආන්ඩු බලය ලැබුනට පස්සෙ දැන් බැට් කරන්නේ වෙන කන්ඩායමක්. ඒ අය දන්නේ නැහැ බලය ගන්න කොච්චර අමාරැද කියලා. ඒ නිසයි මේ විගඩම් අපට බලාගෙන ඉන්න වෙලා තියෙන්නේ.ආන්ඩුව යන ගමන නිවැරදිද? ආන්ඩුවේ සාර්ව ආර්ථික ප්‍රවිශ්ඨය නිවැරදිද? ඍජු විදේශ ආයෝජන ආකර්ෂනය තුලින් රටට එන්නේ චිනය විතරද? ඒ ඇවිල්ලත් ආයෝජනය කරන්නේ චිනයම නය දුන්න ව්‍යාපෟති තුල විතරද? ඒ සඳහා එකඟ වු කොන්දේසි රටට දිර්ඝ කාලිනව හිතකරද? ඒ යටතේ උත්පාදනය කරන්න යෝජනා කරන රැකියා 15000 , 2020 ට මෙහා ඇතකරගත හැකි වන්නේ ද? නමුත් ඒ සඳහා ගෙවන දෙශපාලන මිල කුමක්ද? ඉඩම් නැතිවන හම්බන්තොට ජනතාව කුමක් කියනු ඇත්ද? රැකිය අහිමිවන වරාය සේවකයන් ගේ පුතිචාරය? මධ්‍යම පාන්තික දේශිය චින්තනයට අනුව සිතන අය? අවසානයේ දි චිනයෙන් ලැබෙන ඩොලර් බිලියනයට ලැබෙන දේශපාලනික ආවස්තතික පිරිවැය (opportunity Cost)වන්නේ කුමක්ද? අනික් අතට එවැනි ආයොජනයක් තුලින් රටේ විදේශිය සන්චිත ශක්තිමත් විමට සහ වෙලඳ ශේෂය අඩුකිරිමට හේතුවන්නේ යයි කියන්නේ නම් කොළඹ වරායේ නැගෙනහිර අංගනය චිනයට දෙන්නේ ඇයි? රටට ,චිනය හෝ වෙනත් රටක ආධාරය නැතිව විදේශ විනිමය උපයා ගැනිමට වැඩි ඉඩක් මෙම වරාය අංගනය තුල තිබෙනවා නේද? ඒ නිසා තමයි අපි කියන්නෙ ඉන්ග්‍රිසි කථා කල පලියට බුද්ධියක් තියෙනවා කියලා කියන්න බැහැ කියලා.අංක ගනිතය දැන ගත්ත පලියට ආර්ථික විද්‍යාව දන්නවා කියල කියන්නත් බැහැ.බලය හම්බවුනාට දේශපාලනය කරන්නත් දන්නෙ නැහැ කියල අවශ්‍ය නම් කියන්න ත් පුලුවන්. 2001 දිත් අපි මේක අත්දැක්කා. Unp පාක්ෂිකයන් පිලිබඳව මා හට ඇත්තේ සැබැ සංවේගයකි.''

Share on Google Plus