ගුවන් යානයකදී දකුණු ඉන්දියානු සුරූපී නිළි ටීනාට අතවරයක් වෙලා.


දකුණු ඉන්දියානු ටෙලි නාට්‍ය නිළියක් වන සුරූපී ටීනා දත්තාට (Tinaa Dattaa) අතවරයක් සිද්ධ වෙලා.

මුම්බායි ඉඳලා රාජ්කොත් වලට ඉවෙන්ට් එකකට සහභාගී වෙන්න ඇය ගුවන් යානයක් ගිහින් තියෙනවා. මේ ගුවන් යානයේ ඇය සමඟ ඇයගේ කළමණාකරුත් ගිහින්.

තවත් මඟින් මේ ගුවන් යානයේ ඉඳල තියෙනවා.

කොහොමහරි ටික දුරක් ඇය මැනේජර් එක්ක කතා කර කර යනකොට එහා පැත්තේ සීට් එකේ හිටපු පුද්ගලයෙක් ඇයගේ එක එක තැන් අනවශ්‍ය ආකාරයෙන් ස්පර්ෂ කරලා.

කේන්ති ගිය ඇය ඔහුට බැනලා. ඔහු සමාවත් අරගෙන. හැබැයි ඉතින් ගුවන් යානයේ හිටිය කිසිම කෙනෙක් මේකට විරුද්ධව වචනයක්වත් කතා කරලා නෑ.

ඒ නිසා ඇය මේ අසාධාරණය ගැන බුකියේ දාලා තිබ්බා මෙහෙම..

“ඊයේ රෑ රාජ්කොත්වලට මම ගුවන් යානයේ යනවිට මහා කාලකන්ණි අත්දැකීමක් වින්දා. මගේ සීට් එකට එහා පැත්තේ හිටපු කෙනෙක් මාව ස්පර්ශ කළා. මම හිතුවා පොඩි ළමයෙක්ද දන්නේ නැහැ කියලා. ඒත් මම මොකටත් හැරිලා බැලුවා. මේකා සම්පුර්ණ මිනිහෙක්. මම ඔහුට බැන්නා. මේ ගැන ගුවන් සේවිකාවන්ට පයිලට්ට කිව්වා. ඒ වුණාට ඒ අය කිව්වේ මට අවුලක් ගන්න එපා කටවාගෙන යන්න කියලා. මම එයාලගෙන් ඇහුවා ඔයාලගේ පවුලේ කාටහරි මෙහෙම වුණා නම් මොකද කරන්නේ කියලා. එකට කාටවත් උත්තර නැහැ. මට කියන්න තියෙන්නේ ගුවන් යානයක් තුළ කාන්තාවන්ගේ ආරක්ෂාව අන්තිමයි කියලා. “

Share on Google Plus