එදා 'සෝෂල් මීඩියා' තිබුනා නම් වෙනදේ අගමැති කියයි. - Info Sri Lanka News | Sinhala

එදා 'සෝෂල් මීඩියා' තිබුනා නම් වෙනදේ අගමැති කියයි.


මිහිඳු මහරහතන් වහන්සේ ලක්දිවට වැඩිය සමයේ 'සෝෂල් මීඩියා' තිබුනා නම් මොනවා ලියා දැයි අගමැතිවරයා විමසයි.

බත්තරමුල්ල, අපේගම පරිශ්‍රයේදී පෙරේදා (18) පැවැත්වූ ‘ සහජීවනය උදෙසා කවියෝ ‘ ප්‍රසංගයට එක්වෙමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එබව සඳහන් කළේය.

කවිය ඩිජිටල් යුගයකට ගෙන යා යුතු යැයි කියන අතරේදීම ඔහු සෝෂල් මීඩියා උපහාසයට ලක්කරමින් මෙසේ පැවසිය.

''අද වගේ වෙබ් අඩවි, සෝෂල් මීඩියා එදා තිබුණා නම් ඇයි රජතුමා තපස්සු භල්ලූක ගෙනාවේ. ඇයි බුදුරජාණන් වහන්සේගේ ධර්මය, කේෂ ධාතු ගෙනාවේ ඇයි කියලා ප්‍රශ්න කරන්න ඉඩ තිබුණා. අපට ගස් ගල් වදින එක හොඳයි කියලා කියන්න තිබුණා.

හොඳ වෙලාවට සෝෂල් මීඩියා ඒ කාලයේ තිබුණේ නැහැ. ඒ කාලේ සෝෂල් මීඩියා තිබුණා නම් මිහිඳු මහරහතන් වහන්සේ මෙරටට වැඩම කළ දවසේ මොනවා ලියයි ද? අද ඉන්න අය එදා හිටියා නම් මොනවා කියයි ද? එසේ නම් බුදු දහමත්, පාලි භාෂාවත් මේ රටේ නැහැ.''

Share on Google Plus