බාලක කැම්බල් - බාලිකා මියුසියස්.


ශ්‍රී ලංකා පාසල් ජිම්නාස්ටික් සංගමය 5 වැනි වරටත් සංවිධානය කළ කනිෂ්ඨ ජිම්නාස්ටික් තරගාවලියේ සමස්ත බාලක ශූරතාව දිනා ගැනීමට කැම්බල් ජාත්‍යන්තර පාසල සමත් විය. කොළඹ මියුසියස් විදුහල එහි සමස්ත බාලිකා ශූරතාව දිනාගත්තේය.

බාලක අනු ශූරතාව කොළඹ රාජකීය විදුහල විසිනුත්, බාලිකා අනු ශූරතාව කොළඹ විහාරමහා දේවි බාලිකා විදුහල විසිනුත් දිනාගන්නා ලදි.  
රිද්මයානුකූළ රංගන ‘ඒ’ කණ්ඩයේ බාලක ශූරතාව දිනා ගැනීමට සමත් වූයේ කොළඹ ඉසිපතන විදුහලයි. බාලිකා ශූරතාව කඩවත මහාමායා විදුහලට හිමිවිය.

‘බී’ කණ්ඩායේ බාලක ශූරතාව ගාල්ල රිච්මන්ඞ් විදුහලටත්, ‘සී’ කාණ්ඩයේ බාලක ශූරතාව රුවන්වැල්ල රාජසිංහ මැදි විදුහලටත් හිමි වූ අතර ‘බී’ කණ්ඩායේ බාලිකා ශූරතාව කිරිබත්ගොඩ විහාරමහා දේවි බාලිකා විදුහලටත්, ‘සී’ කාණ්ඩයේ බාලිකා ශූරතාව රාමනාදාන් හින්දු විදුහලටත් හිමිවිය.

මෙම තරගාවලියට දිවයිනේ පාසල් 130 ක් නියෝජනය කරමින් කී‍්‍රඩක කී‍්‍රඩිකාවෝ 2,000 ක් පමණ සහභාගි වූහ.  

දින 3 ක් පුරා කොළඹ සුගතදාස කී‍්‍රඩාංගණයේදී පැවැති තරගාවලිය ‘සැමට ශාරීරික අධ්‍යාපනය’ තේමා කරගනිමින් පැවැත්විණි. නෙස්ලේ ලංකා සමාගම තරගාවලියේ ප‍්‍රධාන අනුග‍්‍රාහකයා ලෙස කටයුතු කළේය.

Share on Google Plus