'පෞද්ගලික බස් ජනසතු කරනවා' - රාජිත. - Info Sri Lanka News | Sinhala

'පෞද්ගලික බස් ජනසතු කරනවා' - රාජිත.


නැවත වරක් වැඩවර්ජන කළහොත් පෞද්ගලික බස් රථ ජන සතු කරන බවට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා අනතුරු අඟවයි.

පිය සෙනෙහස අහිමි වූ දරුවන් 200 කට පාසල් උපකරණ ඛෙදාදීම වෙනුවෙන් රාජිත සේනාරත්න පදනම විසින් ෙබිරුවල පයාගල ක්‍රීඩාංගණයේ සංවිධානය කර තිබු උත්සවයකදී ඇමතිවරයා එබව සඳහන් කළේය.

"රුපියල් 25,000 දඩ මුදල ඉවත් කරන ලෙස ඉල්ලා බස් රථ සේවකයින් යළි වැඩවර්ජනයක් ආරම්භ කරන බව ප්‍රකාශ කර තිඛෙනවා. මම කියන්නේ යළි වැඩ වර්ජනයක් ආරම්භ කළ හොත් දින 03 කට පසු බස් රථ බලපත්‍ර අහෝසි කර නව බලපත්‍ර ඉල්ලුම්කරුවන්ට නිකුත් කළ යුතු බවයි. නැතිනම් සියළුම පෞද්ගලික බස් රථ රජයට පවරා ගත යුතුයි” 
යයි ඇමතිවරයා එහිදී කියා සිටියේය.

Share on Google Plus